නබි නායකතුමාට අපහාස කළ ඇමරිකා
චිත්‍රපටයට එරෙහිව දිවයින පුරා හර්තාල්



නබි නායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාවේදී චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීමට විරෝධය දක්‌වමින් සිව්වන දිනටත් මඩකලපුව, කල්මුණ, සමන්තුර, නින්දවුර්, එරගම, අක්‌කරපත්තුව, පොතුවිල් යන ප්‍රදේශවල හර්තාල් ව්‍යාපාරයක්‌ ඊයේ පැවැත්විණි.

මඩකලපුව කල්මුණ ප්‍රධාන මාර්ගයේ කාත්තන්කුඩි නගරයේ ටයර් ගිනි තබා මාර්ගය හරස්‌ කර වාහන ධාවනය නොකිරීමට කටයුතු කර ඇති අතර රජයේ ආයතන පාසල් සියල්ල වසා නගරයේ කඩ සාප්පු විවෘත නොකර තිබූ බව මඩකලපුව ප්‍රදේශය භාර උසස්‌ පොලිස්‌ නිලධාරියකු පැවැසීය.

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ කල්මුණ කඩකර පල්ලි මාර්ගයේ සහ අම්පාර කල්මුණ ප්‍රධාන මාර්ගයේ මාවඩිපල්ලි ප්‍රදේශයේ ටයර් ගිනි තබා කොට දමා මාර්ගය අවහිර කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ගමනාගමනයේ අපහසුකම් සිදුවූ බව "දිවයින"ට වාර්තා විය.

21 දා දහවල් කල්මුණ, සමන්තුර පොතුවිල්, එරගම සහ අක්‌කරපත්තුව ආදී ප්‍රදේශවල පල්ලිවලට සියලු මුස්‌ලිම් ජනතාව පැමිණ ආගමික කටයුතු අවසන් කර විරෝධතා පා ගමන් කිරීමට කටයුතු සැලසුම් කර ඇතැයිද එම පල්ලිවල ආගමික නායකයන් පිරිසක්‌ "දිවයින"ට අදහස්‌ ප්‍රකාශ කරමින් පැවසූහ.

චානක්‍ය ජයගොඩ, දඩයම්තලාව - පී. ජයසිංහ, කේ. එම්. පී. බණ්‌ඩාර, ගයාන් චින්තක සමග නුර්. එම්. µqවාඩ්, නින්දවුර් - අලියාර් මුසම්මිල්, හැටන් - මනුර සුදත් සෙල්ලහේවා පිංතූර - ජවුµර් ඛාන්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.