පොළොන්නරුවේ ගොවීහු ගොයමට ගිනි තබති

මැදිරිගිරිය - ගුණතිලක ගලප්පත්ති



මාස කීපයක සිට පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පවතින දැඩි නියඟය සමග සියලුම ප්‍රධාන වැව් සිඳී ගොස්‌ බිම ඉරිතැලී ඇත.

ඒ සමගම ප්‍රධාන වැව්වල රොන්මඩ ඉවත් කිරීම ආරම්භකොට ඇත.

මෙවර වී අස්‌වැන්න නෙලීමේදී සමස්‌තයක්‌ වශයෙන් අස්‌වැන්න අඩුවී ඇත.

බොහෝ කුඹුරු අස්‌වැන්න නෙලා ගැනීමට බැරිව ගිනිතබා ඇත. අඳේට, බද්දට හා උකසට ගත්ත කුඹුරු පාඩුවී ඇති නිසා ගොවීහු කණස්‌සල්ලට පත්ව ඇත.

යටිගල්පතාන සීතා කුමාරි ප්‍රියදර්ශනී මහත්මිය "දිවයින" ට අදහස්‌ දක්‌වමින්, මම කුඹුරක්‌ දෙකෙන් පංගුවට වැඩකළා. වතුර නැතුව කුඹුර මැරිල ගියා. කුඹුරේ වී පොරොන්දුව ටිකක්‌ අඩුවෙන් ගොවි මහත්තයා ගත්තා. ඉතිරි ගොයම කපලා වැඩක්‌ නෑ. මැරුණු ගොයම පුච්චන්නයි වෙන්නේ.

පී. ඒ. නන්දාවතී - මම කුඹුරේ වී දෙන පොරොන්දුවට වැඩ කළා. කුඹුරේ ඔක්‌කොම ගොයම මැරිලා ගියා. වී බුසල් 90 ක්‌ දෙන්න පොරොන්දු වුණා. කුඹුරට ගිය වියදම් එක්‌ක බලනකොට ගත යුත්තක්‌ නෑ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.