මුස්‌ලිම් විරෝධී චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක මරා
දැමිය යුතු බව පාකිස්‌තාන දුම්රිය ඇමැති කියයි


නබිනායකතුමාට අපහාස වන චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ තැනැත්තා මරා දමන පුද්ගලයාට ඩොලර් ලක්‍ෂයක්‌ ලබා දෙන බව පාකිස්‌ථාන දුම්රිය ඇමැති ගුල්හාබ් අහමඩ් පවසා ඇත.

පාකිස්‌තාන රජයද මේ චිත්‍රපටද දැඩි ලෙස හෙළා දැක ඇත.

මෙම චිත්‍රපටයට එරෙහි ඇතිවූ විරෝධතා නිසා පකිස්‌තානයේ පුද්ගලයින් විසිදෙනෙක්‌ මරණයට පත්විය.

මේ චිත්‍රපටයේ නිර්මාණකරු මරා දමන්නට තමා අල්කයිඩාවේ හා තලෙබාන් සංවිධානයේ සහය අපේක්‍ෂා කරන බව දුම්රිය ඇමැති ප්‍රකාශ කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.