ලියාපදිංචි සහ සහකාර වෛද්‍ය නිලධාරිහු
අද සිට අඛණ්‌ඩව වැඩ වැරුමක


ඒමන්ති මාරඹේ

රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සන්නිවේදන දීමනාව ගෙවන ලෙස ඉල්ලමින් දිවයින පුරා රජයේ රෝහල්වල සේවයේ නියුතු ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරීහු අද (25 වැනිදා) සිට දීප ව්‍යාප්ත අඛණ්‌ඩව වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම වර්ජනය සඳහා රජයේ මූලික, දිසා, ග්‍රාමීය රෝහල් හා  මධ්‍යම බෙහෙත් ශාලා 700 ක පමණ සේවයේ යෙදෙන ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරීන් 1300 ක්‌ දෙනා සහභාගි වන බව පවසන එම සංගමය වර්ජනය හේතුවෙන් එම බෙහෝ වෛද්‍ය ආයතන වැසී යනු ඇතැයි අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් චක්‍ර ලේඛයක්‌ හරහා රජයේ එම්. බී. බී. එස්‌. උපාධිධාරී වෛද්‍යවරුන්ට ගෙවනු ලබන සන්නිවේදන දීමනාව රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන්ටද හිමිවිය යුතු බව එම සංගමයේ මතය වී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.