නවක සිසුන් ගැනීමත් නවතා
මාලබේ වෛද්‍ය විද්‍යාලයේ
නීත්‍යනුකූල බව අවලංගු කරන්න

ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක්‌ ගොනු කරයි

ඒමන්ති මාරඹේ

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අලුතින් සිසුන් බඳවා ගැනීම නතර කර එම වෛද්‍ය විද්‍යාලය නීත්‍යනුකූල ආයතනයක්‌ බවට උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් වෛද්‍යවරුන්, වෛද්‍ය සංගම් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමමේලනය ඇතුළුÊසංගම් හා වෘත්තීකයන් පිරිසක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ ගොනුකර තිබේ.

SCරැFRරැ532 දරන නඩු අංකය යටතේ මෙම නඩුව ගොනුකර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම,

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු ආයතන හා පුද්ගලයන් 16 ක්‌ වගඋත්තරකරුවන් කරමින් පවරා ඇති මෙම නඩුව ලබන ඔක්‌තෝබර් 8 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැතිව හා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව සඳහා ශික්‌ෂණ රෝහලක්‌ නොමැතිව පවත්වාගෙන යන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හරහා ගුණාත්මක බවින් අඩු වෛද්‍ය අධ්‍යාපනයක්‌ ලබාදීම නිසා එය නීත්‍යනුකූල නොවන ආයතනයක්‌ බවට පත්ව ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය.

ඊයේ (25 දා) කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.