විශේෂඥ වෛද්‍ය පුහුණු පාඨමාලා
වහාම නවත්වන්නැයි අමාත්‍යාංශය දැනුම්දීලා

ඒමන්ති මාරඹේ

වෛද්‍යවරුන්ට අලුතින් විශේෂඥ වෛද්‍ය පුහුණු පාඨමාලා පැවැත්වීම වහාම නතර කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ දී කොළඹ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය වෙත දැනුම්දී ඇතැයි කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා විසින් මෙම දැනුම්දීම කර තිබේ. මේ අනුව මෙරට වෛද්‍යවරුන්ට දේශීය වශයෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට තිබූ පහසුකම් අහිමි කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් බිහිවීම මෙම පියවර හරහා අඩාල වන බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ (25 දා) කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.