නිවසේ සිටි තරුණයෙක්‌ මට පහරදී
දෙවන තට්‌ටුවෙන් බිමට තල්ලු කලා

ජෝර්දානයේදී වධ විඳි එප්පාවල නන්දාවතී 'දිවයින' ට කියයි

ප්‍රසාද් කුමාරණසිංහ, කටුනායක

ජෝර්දානයේ නිවසක ගෘහ සේවිකාවක ලෙස රාජකාරි කරමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවකට කෲර වධ පමුණුවා, ඉහළ මහලින් බිමට තල්ලු කිරීමෙන් ආබාධිත වී කටුනායක ගුවන් තොටුපලින් යළි ඇය මෙරටට ඊයේ (01 වැනිදා) පැමිණියාය.

මෙසේ ආබාධිතව මෙරටට පැමිණියේ එප්පාවල පදිංචි නන්දාවතී මැණිකේ නමැති කාන්තාවය. මෙම කාන්තාව මීට පෙරාතුව වධ හිංසා සහ අධික වැඩ නිසා නිවසින් පැන ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි රැකවරණ ඉල්ලා ඇත.

ඉන්පසුව එරට පොලිසිය යළිත් ඇයව කලින් නිවසටම බාර දුන් බවද ඇය zzදිවයිනZZ ට පැවසුවාය.මම ඒ ගෙදරින් පැනලා ආවා. මට හරි හමන් කෑමක්‌ දුන්නේ නෑ. වැඩ ඉවරයක්‌ නෑ. බැරිම තැන තමයි මම පැනලා තානාපති කාර්යාලයට ආවේ. ඒත් අන්තිමේදී මාව ආයෙත් ඒ ගෙදරටම කොටු වුණා. ඒ නිවසේ සිටි තරුණයකු තමයි මට බඳ පටියකින් පහරදී, දෙවන තට්‌ටුවෙන් බිමට තල්ලු කළේ.ZZ ඇය zzදිවයිනZZ ට හැඬූ කඳුළින් කියා සිටියේ එලෙසය.

zzමගෙ කකුල් දෙක කැඩිලා. කොන්දත් කැඩිලා. මම සේවය කළ නිවසේ කාන්තාව ජෝර්දාන් රොAහලේ හෙදියක්‌. එයා මාව එරට රෝහලක දින 16 ක්‌ නවත්වලා ප්‍රතිකාර කළා. ඊට පස්‌සේ හිස්‌ අතින් මාව එව්වා. දැන් මට කිසිම හව්හරණක්‌ නෑ. ඇය තවදුරටත් කියා සිටියාය.

සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතාගෙන් විමසූ විට සභාපතිවරයා කියා සිටියේ මෙම සිද්ධිය පිළිබඳව තානාපති කාර්යාල හරහා විස්‌තර ලබාගෙන ඇය වෙනුවෙන් ඉටුකළ හැකි උපකාරය නොපිරිහෙලා ඉටු කරන බවයි. ඒ අනුව කාර්යාංශයේ සුබසාධන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස්‌ ලබාදී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.