2012 ඔක්තෝබර් 10 බදාදා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster

දිවි නැඟුම පෙත්සම් පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දීමේ
 ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවට කථානායක අප්‍රසාදය

දිවි නැඟුම පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සමේ පිටපතක්‌ කථානායකවරයාට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ඉදිරිපත් කිරීම මගින් ශේ්‍රෂ්ඨාධිකරණය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

ආණමඩුවේ තරුණ මව තියුණු අවියකින් ඇන මරා දමලා

ආණමඩුව - දිවුල්වැව උණලීය ප්‍රදේශයේදී එක්‌ දරු තරුණ මවක්‌ පෙරේදා (8 වැනිදා) රාත්‍රි 7.00 ට පමණ තියුණු අවියකින් ඇන මරා දමා තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩල නායකත්ව සමුළුව කඩාකප්පල් කිරීමේ තැතක්‌

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායකයන්ගේ සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට විරුද්ධව ක්‍රියාකිරීමට ජාත්‍යන්තර සංවිධාන දැනටමත් වැඩපිළිවෙළක්‌ ආරම්භ කර තිබේ.

කොරෙක්‌ස්‌ සිරප් අලෙවිය හා භාවිතය තහනම් කරයි

කොරෙක්‌ස්‌ වෙළෙඳ නාමය සහිත කැස්‌සට ලබාදෙන සියලුම සිරප් වර්ග දිවයින පුරා අලෙවිය හා භාවිතය වහාම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. කොරෙක්‌ස්‌ නමැති කැස්‌ස සඳහා භාවිත කරන සිරප් වර්ගය අධික ලෙස පානය කිරීම නිසා පුද්ගලයන් 06 දෙනකු ජීවිතක්‌ෂයට පත් වී ඇති බවද බොහෝ විට මේ සිරප් වර්ගය වෛද්‍ය නිර්දේශ

භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ වර්ෂ පූර්ණ පිංකම වෙනුවෙන් ඒ මහතාගේ නිවසේදී ඊයේ (09 දා) පැවැති දානමය පුණ්‍යකර්මයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කෝට්‌ටේ ශ්‍රී නාගවිහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි වෙත අටපිරිකර පූජා කළ අයුරු.
ඡායාරූපය - සුදත් සිල්වා

අද සිට අධිකරණ කටයුතු යළි ඇරැඹේ
අධිකරණයේ නිදහසට යෝජනා මාලාවක්‌

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ මැර ප්‍රහාරය දැඩිව හෙළා දකිමින් නීතියේ පාලනය සහ අධිකරණයේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ.....

තමිල්නාඩු සංචාර තහනම ඉවතට

තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්කර තිබූ නියෝගය අත්හිටුවා ඇත.සැප්තැම්බර් මුලදී තමිල්නාඩුවේ වේලක්‌කන්නි වන්දනාව සඳහා ගිය.....

දෑත්, දෙපා සහ හිස වෙන් කළ තරුණයකුගේ සිරුර රාගමින් හමුවේ

අභිරහස්‌ අන්දමින් ඝාතනය කර හිස, දෑත් සහ දෙපා සිරුරෙන් කපා වෙන් කර දැමූ තරුණයකුගේ මළ සිරුරක්‌ රාගම සොයිසාපුර ප්‍රදේශයේ පිළිස්‌සෙමින් තිබියදී රාගම පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) උදේ සොයාගෙන ඇත.

  
 
  • නියඟය නිම වී වත්තේගම හා පන්විලට වැසි වැටේ
    හය මාසයක දැඩි නියඟය නිමාවට පත්කරමින් වත්තේගම හා පන්විල ප්‍රදේශයට පෙරේදා (8 දා) ගිගිරුම් සහිත මහ වැසි ඇදහැළෙන්නට පටන්ගෙන ඇත.ඉඩෝරයෙන් ප්‍රදේශයේ වී වගාව හා අතුරු බෝග වගාව විනාශ වී ගිය අතර, ගොවීහු මහත් ආර්ථික දුෂ්කරතාවකට පත්ව සිටියහ.
     
  • සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන
    පොලිසියට බැරි නම් මේවා මැඬිමට බොදු බල සේනා සූදානම්
    - ගලගොඩඅත්තේ ඥනසාර හිමි

    බාලවයස්‌කාර දරුවන්ට, තරුණයන්ට චීවර අන්දවා ඒ අය යොදවා මුදල් එකතු කිරීමේ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයාගැනීමට බොදු බල සේනා භික්‍ෂු සංවිධානය සමත්ව සිටී.

 

 


 
  • බල සීමාව තේරුම් ගැනීම

    අධිකරණය හා විධායකය අතර පවතින ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අත්දැකීම් තිබෙන නමුත්, ඒවා රටට බියජනක අත්දැකීම් ලබාදෙන තැනකට පත්වූයේ නැත. යම්තාක්‌ දුරකට තමන්ගේ බලසීමාවෙන් පැන අනෙකාගේ සීමාවට අත දාන තැනට මේ දෙගොල්ලන්ම ගියද එය රටේ පෙරළිකාර ගැටලුවක්‌ නොවීය. ඒ සඳහා ප්‍රධාන හේතුව වූයේ විධායක ජනාධිපති තනතුරය.

  

  


 
  • සිහින සැබෑ වී සතුට දෝරෙ ගලා....

    බටහිර ඉන්දීය කොදෙව් වැසියන්ගේ ඒ හෝරා කිහිපය ජයග්‍රහණයේ උමතුවෙන් දෝරේ ගලා ගියේය. ඔවුහු නොනිදා ජයග්‍රහණයේ සතුට සැමරුහ. ශ්‍රී ලංකා ප්‍රේක්‍ෂකයන්ට ඒ හෝරා කිහිපයෙන් පසු ඇසට නැගුණු කඳුළු මහ ගංවතුරක්‌ සේය. ඇතැමුන් දිවි නසා ගත්හ. කොදෙව්වෝ තවමත් ජයග්‍රහණයේ සතුට සමරති.

  

Kapruka Shopping |  News

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.