දිවි නැඟුම පෙත්සම් පිටපත් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දීමේ
 ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවට  කථානායක අප්‍රසාදය

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන්


දිවි නැඟුම පනත් කෙටුම්පත පිළිබඳ පෙත්සමේ පිටපතක්‌ කථානායකවරයාට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ඉදිරිපත් කිරීම මගින් ශේ්‍රෂ්ඨාධිකරණය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121 වගන්තියට අනුව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් මෙවැන්නක්‌ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට භාරදිය නොහැකි බවද එහෙත් එසේ කිරීම මගින් ශේ්‍රෂ්ඨාධිකරණය ශේ්‍රෂ්ඨාධිකරණය වැරැදි ක්‍රියාවලියක්‌ අනුගමනය කර ඇතැයිද කී කථානායකවරයා එවැනි වරදක්‌ කළොත් ඊට සමාව දිය නොහැකි බවද කීය.


දිවි නැඟුම පනත සම්බන්ධව ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව තමන් පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරද්දී මන්ත්‍රීවරුන්ගෙන් මතුවූ නොසන්සුන්තාව හා විරෝධය නිරීක්‍ෂණය කළ බව කී කථානායකවරයා ඒ අනුව මේ පිළිබඳව පක්‍ෂ නායකවරුන් සමග සාකච්ඡා කිරීමට තීරණය කළ බවද කීය. ඒ පක්‍ෂ නායකවරුන් සමග කළ සාකච්ඡාවේදී තීරණය වූයේ කථානායකවරයාගේ බලතල හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බලතල උල්ලංඝනය වන ලෙස කිසිවක්‌ සිදුනොවිය යුතු බවද කී කථානායකවරයා ඒ අනුව පක්‍ෂ නායකවරුන්ගේ මතය වූයේ මේ පිළිබඳව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කළ යුතු බව යෑයිද කීය.


ඒ අනුව තමන් මෙම ප්‍රකාශය කරන බව කී චමල් රාජපක්‍ෂ මහතා විධායකය, අධිකරණය හා ව්‍යවස්‌ථාදායකය අතර යම් ගැටුමක්‌ ඇති වුවහොත් බුද්ධිමත් ලෙස කටයුතු කර එවැන්නක්‌ සිදු නොවන්නට වග බලාගත යුතු බවද කීය.


ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සහ පක්‍ෂ නායකයින් විසින් තමන් වෙත ලබාදී ඇති බලතල ප්‍රකාරව මෙම සිද්ධිය සම්බන්ධව නීතිඥ සහාය ලබාගත් තමන් පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව අධ්‍යයනය කර අවබෝධයක්‌ ලබාගත් බවද කථානායක චමල් රාජපක්‍ෂ මහතා කීය.
මේ පිළිබඳව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ලබාදුන් අනුපමේය සහාය සඳහන් කරන බවද කී කථානායකවරයා අනුර බණ්‌ඩාරනායක මහතා කථානායකවරයා ලෙස මීට පෙර ලබාදුන් තීරණද සැලකිල්ලට ගත් බව කීය.


දිවි නැඟුම පිළිබඳ 2012.8.17 දින පෙත්සම් තුනක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ බවද කී කථානායකවරයා එම පෙත්සම්වල පිටපත් කථානායකවරයාට භාරදිය යුතුව තිබූ බවද එහෙත් භාරදී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත බවද පැවැසීය
ගැටලුව ලෙස සාකච්ඡාවට භාජනය වූයේ එම කරුණ බව කී කථානායකවරයා මෙය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව විසින් ලබාදී ඇති බලතල උල්ලංඝනය කිරීමක්‌ යෑයිද එය පාර්ලිමේන්තු ක්‍රියාදාමය කරගෙන යැමේදී බරපතළ ලෙස බලපාන ගැටලුවක්‌ බවද කීය.


කථානායකවරයාගේ කාර්ය භාරය ඉවත්කර එතුමාගේ අනුදැනුමකින් තොරව පාර්ලිමේන්තු පරිචයන් උල්ලංඝනය කිරීමට ඉඩදිය නොහැකි බවද කථානායකවරයාට තිබෙන බලතල පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට ලබාදීම වැරැදි ක්‍රියා පිළිවෙතක්‌ අනුගමනය කිරීමක්‌ªª






 

 

 

 
Powered By -


       උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
           223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.