ආණමඩුවේ තරුණ මව තියුණු අවියකින් ඇන මරා දමලා

ආණමඩුව - ටෙරන්ස්‌ වනිගසිංහ

ආණමඩුව - දිවුල්වැව උණලීය ප්‍රදේශයේදී එක්‌ දරු තරුණ මවක්‌ පෙරේදා (8 වැනිදා) රාත්‍රි 7.00 ට පමණ තියුණු අවියකින් ඇන මරා දමා තිබේ.

උණලීයේ පදිංචිව සිටි ඒ. පී. ඩී. උදේශිකා දිල්ශානි (17) නමැත්තිය මෙසේ මරා දමා ඇත. මරණයට සැකපිට ඇයගේම සැමියා වන ආර්. පී. ඩී. සුසන්ත පුෂ්පකුමාර යන අය ආණමඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මීට ප්‍රථම මෙම සැකකරු මියගිය තැනැත්තියට අතවර කිරීම සම්බන්ධයෙන් නඩුවක්‌ද පවරා තිබිණි. පසුව මොහු මියගිය තරුණිය හා එක්‌ව විසීමෙන් දරුවකු ද ලබා තිබිණි. එසේ තිබියදී ඇයගේ මව (නැන්දම්මා) දෙදෙනාට එක්‌ව විසීමට ඉඩ නොදෙන බව පවසා සැකකරු බිරිඳට පිහියෙන් ඇන මරා දමා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.