තමිල්නාඩු සංචාර තහනම ඉවතට

චතුර පමුණුව

තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත්කර තිබූ නියෝගය අත්හිටුවා ඇත.සැප්තැම්බර් මුලදී තමිල්නාඩුවේ වේලක්‌කන්නි වන්දනාව සඳහා ගිය ලාංකික බැතිමතුන් ප්‍රහාරයට ලක්‌වීමෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරක තහනම පනවන ලදී.

කෙසේ නමුත් ලාංකික බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් උපරිමයෙන් කැපවන බව තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් කළ ප්‍රකාශයත් සමග විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම තහනම ඉවත් කරන ලදි.

(වසරකට ශ්‍රී ලාංකිකයෝ දෙලක්‍ෂයක්‌ ඉන්දියාවේ සංචාරය කරති.)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.