කොරෙක්‌ස්‌ සිරප් අලෙවිය හා භාවිතය තහනම් කරයි

කොරෙක්‌ස්‌ වෙළෙඳ නාමය සහිත කැස්‌සට ලබාදෙන සියලුම සිරප් වර්ග දිවයින පුරා අලෙවිය හා භාවිතය වහාම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටී. කොරෙක්‌ස්‌ නමැති කැස්‌ස සඳහා භාවිත කරන සිරප් වර්ගය අධික ලෙස පානය කිරීම නිසා පුද්ගලයන් 06 දෙනකු ජීවිතක්‌ෂයට පත් වී ඇති බවද බොහෝ විට මේ සිරප් වර්ගය වෛද්‍ය නිර්දේශ නොමැතිව ඇතැම් පෞද්ගලික ඔසුසල් වලින් නිකුත් කරන අතර එම නිසා මෙම සිරප් වර්ගය අධි මාත්‍රාව වශයෙන් මත්වීම සඳහා පාවිචිචි කිරීම නිසා මෙම මරණ සිදුවී ඇති බවද අමාත්‍යාංශය කියයි. මින් පෙර මේවා භාවිතයෙන් පුද්ගලයන් 05 ක්‌ මරණයට පත්වූ අතර ඊයේ (09 දා) 06 වැනි පුද්ගලයාද මියගොස්‌ ඇත. 07 වැනි පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ 55 වාට්‌ටුවේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු වේ.

මේ වනවිට ඖෂධ ව්‍යවස්‌ථාපන අධිකාරියත්, ශ්‍රී ලංකා පොලිසියත් එක්‌ව ඔසුසල් වැටලීමේ වැඩසටහනක්‌ ආරම්භ කර තිබෙන අතර මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‌ෂණ පවත්වා එම වාර්තාව වහාම ලබාදෙන ලෙසද ඉල්ලීමක්‌ කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් Asඑරදබ සමාගම මගින් නිපදවන ඤරුං වෙළෙඳ නාමය යටතේ අලෙවි කරන කැස්‌ස සඳහා ලබාදෙන සියලුම සිරප් වර්ග දිවයින පුරා අලෙවි කිරීම හා භාවිත කිරීම වහාම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපදෙස්‌ දී තිබේ. ඒ අනුව එම සිරප් වර්ගය ශ්‍රී ලංකාවේ අලෙවිය හා භාවිතය අද සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරෙන බව ඖෂධ ව්‍යවස්‌ථාපන අධිකාරියේ අධ්‍යක්‌ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.