දෑත්, දෙපා සහ හිස වෙන් කළ තරුණයකුගේ සිරුර රාගමින් හමුවේ

හේමන්ත රන්දුණු සහ රිචඩ් ජී. සිල්වා

අභිරහස්‌ අන්දමින් ඝාතනය කර හිස, දෑත් සහ දෙපා සිරුරෙන් කපා වෙන් කර දැමූ තරුණයකුගේ මළ සිරුරක්‌ රාගම සොයිසාපුර ප්‍රදේශයේ පිළිස්‌සෙමින් තිබියදී රාගම පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) උදේ සොයාගෙන ඇත.

මෙසේ ඝාතනයට ලක්‌ වූ තරුණයා කාගේ කවුදැයි ඊයේ දහවල් වනතුරු හඳුනාගෙන නොතිබිණි.
තරුණයාගේ සිරුරේ කොටස්‌ දැඩි ලෙස පිළිස්‌සී තිබූ බව පොලිසිය පවසයි.

රාගම සොයිසාපුර නිවාස සංකීර්ණයක කෙළවරේ මෙම තරුණයාගේ සිරුර පිළිස්‌සෙමින් තිබී ඇත. ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පොලිසියට පවසා ඇත්තේ ඊයේ උදේ 5.30 ට පමණ වාහනයක්‌ මෙම ස්‌ථානයට පැමිණ ආපසු ගිය බවත් ඉන්පසු එම ප්‍රදේශයේ ගින්නක්‌ හටගෙන තිබූ බවත්ය. පසුව මේ පිළිබඳව රාගම පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු එහි පැමිණි පොලිස්‌ නිලධාරීන් ඝාතනයට ලක්‌ වූ තරුණයාගේ සිරුර සොයාගෙන තිබේ.

රාගම පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ. පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.