නියඟය නිම වී වත්තේගම හා පන්විලට වැසි වැටේ

වත්තේගම - කේ. එම්. එස්‌. බණ්‌ඩාර

හය මාසයක දැඩි නියඟය නිමාවට පත්කරමින් වත්තේගම හා පන්විල ප්‍රදේශයට පෙරේදා (8 දා) ගිගිරුම් සහිත මහ වැසි ඇදහැළෙන්නට පටන්ගෙන ඇත.

ඉඩෝරයෙන් ප්‍රදේශයේ වී වගාව හා අතුරු බෝග වගාව විනාශ වී ගිය අතර, ගොවීහු මහත් ආර්ථික දුෂ්කරතාවකට පත්ව සිටියහ.

මාස්‌ කන්නයේ වැසි ලැබීමත් සමගම දුම්බර මිටියාවතේ ගොවීහු වී වගාවට සූදානම් වෙමින් සිටිති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.