ළමා අපයෝජන වැළැක්‌වීමට ඩයලොග් සහ යුනිසෙෆ් එක්‌වෙයි

ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන වැළැක්‌වීම සඳහා යුනිසෙෆ් සංවිධානය දරන ප්‍රයත්නයට සහයෝගය ලබාදෙමින් එම සත්කාර්යයේ හවුල්කරුවකු වීමට ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රසාද දීමනා ජාලය වන Star Point අත්වැල් බැඳගනී.

ළමයින් නොසලකා හැරීම, ළමයින්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය සහ ළමා අපයෝජන සම්බන්ධයෙන් සමාජය තුළ පවතින නිහඬතාව සහ උදාසීනත්වය බිඳ හෙළීමට යුනිසෙෆ් සංවිධානය ගන්නා උත්සාහය සඳහා තමන් Star Point ප්‍රදානය කිරීමෙන් දායකත්වය ලබාදීමට මිලියන 7.5 කට වැඩි ඩයලොග් පාරිභෝගිකයන්ට මෙම සහයෝගිකත්වය තුළින් අවස්‌ථාව සැලසේ.

සමාජයේදී, පාසල්වලදී, නිවෙස්‌වලදී ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්‌ඩත්වය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන, ළමයින් සඳහා ප්‍රචණ්‌ඩත්වයෙන් තොර සමාජයක්‌ මැයෙන් වන ව්‍යාපාරයට ස්‌ටාර් පොයින්ට්‌ස්‌ ප්‍රතිලාභ මගින් උපයන අරමුදල් යොදවනු ලැබේ.

මෙහි කොටසක්‌ වශයෙන් ප්‍රමුඛතම දිස්‌ත්‍රික්‌කවල පවුල් සහ ළමයින් සමග කටයුතු කරන සහ ළමයින් වෙනුවෙන් සේවා ඉටු කරන රජයේ නිලධාරීහු ප්‍රචණ්‌ඩත්වයෙන් සහ අපයෝජනවලින් වින්දිතයින් බවට පත්වන ළමයින් හොඳින් හඳුනා ගැනීම සහ සාර්ථක ලෙස ප්‍රතිචාර දැක්‌වීම සම්බන්ධයෙන් පුහුණු කෙරේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.