පාසල් දැරියට වෙඩි තැබූ ත්‍රස්‌තවාදී
නායකයාව ඇමරිකාව අල්ලන්නේ නැහැ
- පකිස්‌තානය චෝදනා කරයි

පකිස්‌තානයේ ස්‌වාමි ප්‍රාන්තයේ 14 හැවිරිදි පාසල් දැරියක්‌ වූ මලලා යුසුප්සායිට ඝාතනය කරන ලෙස නියෝග කළ පසුල්ලා නමැති ත්‍රස්‌ත නායකයාට ඇµaගනිස්‌තානයේ නිදහසේ ක්‍රියාත්මක වීමට ඇමරිකාව ඉඩදී ඇතැයි පකිස්‌තානය රජය චෝදනා කරයි.

2009 දී පකිස්‌තාන් හමුදාව ස්‌වැට්‌ ප්‍රාන්තයේ දියත් කළ දැවැන්ත මෙහෙයුමින් පසු පසුල්ලා ඇµaගනිස්‌තානයට පැනගොස්‌ තිබේ.

පසුල්ලා විසින් මෙහෙයවන ගුවන් විදුලි සේවාවක්‌ ඇµaගනිස්‌ථානයේ ක්‍රියාත්මක වෙයි. මේ අතර මලාලා යුසුප්සායි දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඇයව ඩුබායිහි රෝහලකට ගෙන ගොස්‌ ඇත.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.