බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට
53.5ක්‌ අපරාධකාරී ක්‍රියාවලට සම්බන්ධයි

- විමර්ශන වාර්තාවකින් හෙලිවේ

බංගලදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 53.5 ක්‌ අපරාධකාරී ක්‍රියාවල නිරත වන බව සමීක්‍ෂණයකින් හෙළිවේ.

මිනීමැරීම, ඉඩම් කොල්ලකෑම්, වංචාකිරීම්, කප්පම් ගැනීම් සහ ටෙන්ඩර් වංචාවලට මොවුන් සම්බන්ධ යයි ටී. අයි.බී. සංවිධානය කියා සිටී.

මේ හැර සියයට 97 ක්‌ මන්ත්‍රීවරු සංවර්ධන අරමුදල් අයථා ලෙස භාවිතා කිරීම, පාසල් පාලනය කිරීම හා රජයේ පාලනයටද මැදිහත්වන බව හෙළි වී ඇත.

බංගලදේශයේ මන්ත්‍රීවරුන් 149 න් සම්බන්ධයෙන් මේ විමර්ශනය පවත්වා තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.