2012 ඔක්තෝබර් 25 බ්‍රහස්‌පතින්දා

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
   ADVERTISING
   RATES
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster
'සිද්ධිය සුළුකොට තැකිය නොහැකියි'- විනිසුරු
අඹන්වලට ඇසිඩ් ගැසූ හත් දෙනාම සිරගෙට
මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගැසීම සම්බන්ධයෙන් මහනුවර පළාත්බද මහාධිකරණයේ වසර ගණනාවක්‌ තිස්‌සේ විභාගයට ගැණුන නඩු විභාගයේ අවසන් තීන්දුව ඊයේ (24 වැනිදා) ප්‍රකාශයට පත් කෙරිණි.

පොලිසියත් රැවටූ හොර එස්‌.එස්‌.පී.
කුරුවිට හිරගෙදරින් හමුවෙයි
පොලිස්‌පතිවරයාගේ පෞද්ගලික සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ලෙස පෙනී සිටිමින් පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට බලපෑම් කර ඔවුන් හරහා විවිධ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගත් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති මාමේ
ආයෙත් ඉස්‌කෝලෙ යන්න මට උදව් කළොත් පින්!
හිමිදිරි උදයේ පිපුණු ලස්‌සන රෝස කුසුමක්‌ වන් හත් හැවිරිදි කවීෂා තරුදි පුංචි දියණිය මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 20 වැනිදා ය.

උපාධිධාරී අභ්‍යාසලාභීන් 55,000 කගේ සහතික ගැන විමර්ශන
රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන සිටින 55,000 ක්‌ පමණ පිරිස ස්‌ථිර කිරීම සඳහා උපාධි සහතිකවල නිරවද්‍යතාව සොයා බලමින් සිටින බව රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ ඊයේ (24 වැනිදා) පැවැසීය.

වෛද්‍යවරු අද සංකේත වර්ජනයක
'පොඩ්ඩක්‌ නවතින්න' - සෞඛ්‍ය අමාත්‍යාංශය
රජයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රාජ්‍ය සේවකයන් සඳහා 1(12 අනුපාතයට අනුව වැටුප් වැඩි කිරීම ඇතුළු සේවා ඉල්ලීම් තුනක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් වෛද්‍යවරුන් අද (25 දා) දීප ව්‍යාප්ත එක්‌දින සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ලලිත් අඹන්වල මහතා මාධ්‍යවලට අදහස්‌ දක්‌වමින්
චූදිතයින් උසාවියට ගෙන ආ අයුරු.ඡායාරූප - සිරිල් විමලසුරේන්ද්‍ර සහ පේරාදෙණිය රංජිත් සේනවීර

බෙලිහුල්ඔයේ ගිලී
ගුරුවරිය අතුරුදන්
බලංගොඩ කරගස්‌තලාව විද්‍යාලයේ ගුරුවරියක්‌ ඇගේ දරුවන් දෙදෙනා සමග ඊයේ (24 දා) පස්‌වරුවේ බෙලිහුල්ඔයේ දියනාමින් සිටියදී රළපහරකට හසුව ගසාගෙන ගොස්‌ ඇත.

බස්‌නාහිර සිසු සැරියට පාසල් බස්‌ රථ 100 ක්‌
"සිසු සැරිය" කඩිනම් ව්‍යාපෘතිය යටතේ බස්‌නාහිර පළාතට පාසල් බස්‌ රථ සියයක්‌ එක්‌ කිරීමේ පළමු අදියර පෙරේදා (23 වැනිදා) පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි ජාතික ගමනාගමන කොමිෂන් සභා පරිශ්‍රයේදී සිදුකෙරිණි.

කඩා වැටුණු ගසේ අත්තට යටවී මතුගම 5 හැවිරිදි දරුවා මියයයි
මතුගම, යටදොලවත්ත ප්‍රදේශයේදී ඊයේ (24 වැනිදා) සවස සියඹලා ගසක අත්තක්‌ කඩා වැටීමෙන් ඊට යටවූ පස්‌ හැවිරිදි දරුවකු මරුමුවට පත්වූ අතර ඔහුගේ සහෝදරිය වන හත් හැවිරිදි දැරියක්‌ බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

  • විභාගයෙන් සමත් වී
    කොරියානු රැකියා සඳහා
    4391 ක්‌ සුදුසුකම් ලබති

    කොරියානු රැකියා සඳහා තෝරා ගැනීමට පසුගිsය ඔක්‌තෝබර් 13, 14 දෙදින පැවැති කොරියානු භාෂා විභාගයෙන් හාර දහස්‌ තුන්සිය අනූඑක්‌ දෙනකු කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා "දිවයින" ට පැවසීය.
    මෙලෙස කොරියානු විභාගය සඳහා තෝරාගත් පිරිසෙන්...
     
  • වෛද්‍යවරු අද සංකේත වර්ජනයක
    'පොඩ්ඩක්‌ නවතින්න' - සෞඛ්‍ය අමාත්‍යාංශය
    රජයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රාජ්‍ය සේවකයන් සඳහා 1(12 අනුපාතයට අනුව වැටුප් වැඩි කිරීම ඇතුළු සේවා ඉල්ලීම් තුනක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් වෛද්‍යවරුන් අද (25 දා) දීප ව්‍යාප්ත එක්‌දින සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.අද උදැසන 8 සිට හෙට (26 දා) උදැසන 8 දක්‌වා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ...

 
  • 'නොන්ඩියා' වෙනත් කැලෑවකට මුදා හරින්න
    කොටවෙහෙර ප්‍රදේශවාසීහු වනජීවී නිලධාරීන්ගෙන් ඉල්ලති
    අම්පාර කොටවෙහෙර ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන "නොන්ඩියා" නමැති වන අලියා නිර්වින්දනය කර වෙනත් කැලෑ ප්‍රදේශයකට මුදාහරින ලෙස වනජීවී බලධාරීන්ගෙන් එම වැසියෝ ඉල්ලා සිටිති.මේ වන විට මෙම දැවැන්තයාට නිවාස කිහිපයක්‌ ගොදුරු වී ඇත. ඒ අතරට පහර කෑමට ලක්‌වූවෝ සදාකල් ප්‍රතිකාර ලබාගැනීමට පත්ව සිටිති. ඉතාමත්....

 

  • බුදුසසුනේ දියුණුවට විශිෂ්ට දායකත්වයක්‌ පිරිනැමූ
    සිරිල් ද සොයිසා සිරිමතාණෝ
    බුද්ධ ශාසනයේ මෑත අවධියේ ප්‍රගමනය සඳහා විශිෂ්ට දායකත්ව අනුග්‍රහයක්‌ සැලැසූ සිරිල් ද සොයිසා සිරිමතාණන්ගේ 116 වැනි ජන්ම දිනය හෙටට (26 වැනිදාට) යෙදේ. මේ ගුණ සමරු ලිපිය ඒ නිමිත්තෙනි.දුල්ලභෝ පුරිසාජඤ්ඤො  න සො සම්බත්ථ ජායති  යත්ථ සො ජායති ධීරෝ  තං කුලං සුඛමේධති...

  

  • ආසියානු යොවුන් බාලක වොලිබෝල් ශූරතාව
    ශ්‍රී ලංකාව 'සුපර් එයිට්‌' වටයට

    ආසියානු වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් ඉරානයේ උර්මියා හී පැවැත්වෙන ආසියානු යොවුන් බාලක වොලිබොල් තරගාවලිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක සහභාගීත්වයෙන් ඊයේ (24 දා) ආරම්භ වූ අතර එහි ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රථම තරගය අද (25දා) සත්කාරක ඉරානය සමගින් යෙදී තබේ.මෙම තරගාවලියේ මූලික තරග කාණ්‌ඩ 4ක්‌ යටතේ පැවැත්වෙන...

  

Kapruka Shopping |  News

 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.