ශ්‍රී ලංකාවට එරෙහිව කොටි සහ
එන්. ජී. ඕ. සංවිධාන 46 ක්‌ ජිනීවා යති

කීර්ති වර්ණකුලසූරිය

"ලොව ඇති ශාපවලින් එකක්‌ වන්නේ මානව හිමිකම් කර්මාන්තයයි
ඉන් ත්‍රස්‌ත ක්‍රියා සාධාරණීයකරනය කරයි
One of the great curses of this world is humanrights
industry they justify Terrorists acts
- නොබෙල් සම්මානලාභි ඩේවිඩ් ටි්‍රම්බල්


* මාසෙකට 6000 ක්‌ දෙනවා රජය ගැන තොරතුරු සොයා අපට දෙන්න යෑයි එන් ජී ඕ සංවිධානයත් කියාසිටී

* ජිනීවාහි කොටි වේදිකාවේදී රට දෙකඩ කල යුතු යෑයි බෙරිහන්දුන් කොටි හිතවාදියා වත්මන් රජය මාධ්‍යවේදින්ට ලබාදීමට යෝජිත වාහන ණය ලබාගැනීමට බැංකුවකට පැමිණේ

* රණවිරුවන් සැමරීමේ කිලිනොච්චි ස්‌මාරකය ඉවත් කරන්නැයි ද්‍රවිඩ සන්ධානය හා කරුණා නිධි ඉල්ලයි

* විදෙස්‌ අරමුදල් ලබන්නෝ සීමාවාසික කණ්‌ඩායම් මුවාවෙන් උතුරේ තොරතුරු නිරීක්‍ෂණය කරති

* දහතුන් වැනි සංශෝධනය අවලංගු කරන්නැයි එක්‌සත් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයෝ ජනාධිපතිගෙන් ඉල්ලති



1. බිම්බෝම්බ විශාල සංඛ්‍යාවක්‌ සොයාගත් යුද හමුදා කණ්‌ඩායමට
    අනුයුක්‌ත ඩී. කේ. එන්. රොහාන් සහ ස්‌පාටකස්‌ සුනඛයා ඇමරිකාවේදී
    සම්මාන ලබද්දී.
2. මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා උගන්ඩාවේ රාජ්‍යයේ
    හමුදා බලධාරීන් හමුවූ අවස්‌ථාව.
3. ශ්‍රී ලංකාවට ගැලවෙන්න දෙන්නේ නැහැ යෑයි තර්ජනය කරන
    නෝර්වේහි පංචකුලම් කන්දයියා සහ බ්‍රිතාන්‍යයේ සුරේන් සුරේන්ද්‍රන්
    නැමැති කොටි දෙදෙනා.


නොවැම්බර් 1 දාට තව ඇත්තේ සිව් දිනකි. එදින ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වන ජගත් මානව හිමිකම් සමාලෝචන සමුළුව යනු දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ට ඩොලර් - ප්‍රෑන්ක්‌ හා යුරෝ ඉල්ලමකි. මේ සමුළුවට මෙරට රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම විදෙස්‌ ක්‍රියාකාරීහු දාහතක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා ගොනු කර තිබේ. ඔවුන් සමඟ සංවිධාන 46 ක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධකරු කිරීම සඳහා සාවද්‍ය වාර්තා යොමුකර තිබේ.

ඊට ප්‍රභාකරන් මිනීමරුවාගේ ඝාතනවලට සම්බන්ධවූ කොටි හිතවාදී සංවිධාන දාහතක්‌ද සම්බන්ධ වී ඇත.

මේ තත්ත්වය මැද ඇමරිකාවේ සිට කොටි හඩ නගන හියුමන් රයිට්‌ස්‌ ටොමි සංවිධානයේ අධ්‍යක්‍ෂ රිචඩ් ඩිකර් ප්‍රකාශයක්‌ කරමින් අපිට ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට නොහැකිවුනේ රුසියාව හා චීනය යන රටවල් ශ්‍රී ලංකාවට සහය දැක්‌වීමට ක්‍රියාකිරීම නිසා බවට චෝදනා කර ඇත.

මෙවන් පසුබිමක්‌ යටතේ පසුගිය බදාදා ආර්. සම්බන්ධන් මාවයි සේනාධිරාජා, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් යන එම්. ඒ. යුධන්කිරන් මෙරට නව චීන තානාපති වූ ජියාන්ගෝ හමුවීමට ගොස්‌ මාවෝ සේතුන් පිළිවෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලෙස හා චීන ආධාර යටතේ උතුරේ හමුදා කඳවුරු ඉදිකිරීමේ ක්‍රියාවලිය අත්හිටුවන ලෙසද කී අධි ආරක්‍ෂක කලාප ඉවත් කිරීමට සහය වන්නැයිද ඉල්ලා සිටියහ. එහෙත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට තමන්ට නොහැකි යෑයි චීන තානාපතිවරයා පැවසීම නිසා ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමේ උත්සාහය ව්‍යර්ථ විය.

එසේ වූවත් මාවයි සේනාධිරාජා නැමැත්තා ඉන් නතර වූයේ නැත. පකිස්‌තානයේ අයි. එස්‌. අයි. බුද්ධි සේවාව යාපනයේ ක්‍රියාත්මක වන බවට තොරතුරු සනාථ වූ පසු ද්‍රවිඩ සන්ධානය ඒ ගැන ප්‍රකාශයක්‌ කරන්නේ යෑයි සඳහන් කළේය.

මේ අයි. එස්‌. අයි ප්‍රකාශය මුළුමනින්ම සාවාද්‍ය යෑයි යුද හමුදා බලධාරීහු කියා සිටී.

මාවයි සේනාධිරාජා මේ ප්‍රකාශයට අමතරව තවත් ප්‍රකාශයක්‌ කරමින් වන්නියේ කොටි උපාංග ඇතුලත් කෞතුකාගාරය සභ්‍යත්වයට පටහැනි මිලේච්ඡ ක්‍රියාවක්‌ බවත් පළ කළේය. මෙවන් කෞතුකාගාර තුලින් සහජීවනය ඇතිකල නොහැකි බවද ඔහු කියා සිටියේය. සේනාධිරාජා මේ ප්‍රකාශය කර පැය 48 කට පසු තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුනානිධි ප්‍රකාශයක්‌ කරමින් උතුරේ සිංහල සෙබලුන් අනුස්‌මරණය කිරීමේ යුධ ස්‌මාරකය හා කොටි හඬට ඇතුලත් කටුගෙය ම්ලෙච්ඡ ක්‍රියාවක්‌ බව කීවේය.

The memorial and war museum are
unaivilised act of sri lankan govt

එහෙත් ප්‍රභාකරන් විසින් ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ කොටි ඝාතකයන් වෙනුවෙන් කොටි උතුරේ ස්‌මාරක ඉදිකර තිබියදී මාවයි සේනාධිරාජා හෝ කරුණානිධි කට ඇරියේ නැත. කිලිනොච්චියේ රණවිරු ස්‌මාරකය ඉවත් කළ යුතු යෑයි පවසන කරුනානිධි බත්තරමුල්ලේ ඉන්දීය සාම හමුදා ස්‌මාරකය ඉවත්කරන්න යෑයි පවසා නැත.

දැන් මේ දෙදෙනාටම ඕනෑ වී ඇත්තේ 9000 කට අධික රණවිරුවන් තම දිවි කැපකළ වන්නි මෙහෙයුම නැමැති අද්විතීය මෙහෙයුමේ සළකුණු ඉවත් කිරීමයි. මේ වාතාවරණය යටතේ 13 වැනි සංශෝධනය අවශ්‍ය නැති බවත් ඉන් බෙදුම්වාදයට මග පෑදෙන බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීම නිසා මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරින් හා රජයේ ඇමැතිවරු කීපදෙනෙක්‌ හා ඉන්දීය බලධාරීන්ද බෝම්බ ප්‍රහාරයකට ලක්‌වූවන්ගේ තත්ත්වයට පත්වූහ. ඒ සමඟම සාකච්ඡාවක්‌ සඳහා පැමිණෙන්නැයි ඉන්දීය රජය විසින් ආරක්‍ෂක ලේකම්වරයාට ඇරයුමක්‌ ලැබී ඇතැයි වාර්තා විය.

13 වැනි සංශෝධනය ගැන හා නොවැම්බර් 1 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමාලෝචන සමුළුවට අදාල කරුණු ගැන සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ. ඉන්දීය රජයේ බලපෑම මැද 1987 දී මෙරට පාර්ලිමේන්තුව විසින් 13 වැනි සංශෝධනය සම්මත කළත් ප්‍රභාකරන් එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩදුන්නේ නැත.

කෙසේ වූවත් ශ්‍රී ලංකාව සම්බන්ධව නොවැම්බර් 1 දා ජිනීවාහි මානව හිමිකම් සමාලෝචනය සමුළුව වෙත යොමුවී ඇති චෝදනා නම් උතුරේ ඉතිරිව ඇති අධි අධිආරක්‍ෂක කලාප මෙන්ම හමුදා කඳවුරු ඉවත් නොකිරීම 13 වැනි සංශෝධන ප්‍රහාර ඉඩම් හා පොලිස්‌ බලතල නොදීම, රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරින්ට රිසිසේ ක්‍රියාකිරීමට ඉඩ නොදීම, කැල්ලම් මැක්‌රේගේ චැනල් පෝ වීඩියෝ පටය සම්බන්ධව විමර්ශනය නොකිරීම් ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම ගැන ක්‍රියානොකිරීම උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ඉටුනොකිරීම යන කරුණුයි.ඇමරිකාව හා බ්‍රිතාන්‍ය යන රටවල්ද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් කරුණු විමසීමට නියමිත බව වාර්තා වී ඇත.

ලොව ප්‍රධාන යුද අපරාධකරුවන්වූ ඇමරිකාව හා බ්‍රිතාන්‍යයද ත්‍රස්‌තවාදයේ ආධාර කරුවන්වූ කොටි හිතවාදීන්ද ශ්‍රී ලංකාවෙන් මානව හිමිකම් ගැන විමසීම ල-ජා සහගත කරුණක්‌ නොවන්නේද?

එසේම මෙරට රාජ්‍ය නොවන සංවිධානද ඊට එක්‌වී සිටී. මෙය ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවන්නේද? (High Treason) රුසියානු රජය මේ සතියේදී විදේශිකයන් සමඟ සබඳතා පවත්වමින් රාජ්‍ය රහස්‌ හෙලිකරන රුසියානුවන් වසර අටකට සිරගත කිරීමට නීතිරීති පැනවීය. අරමුදල් ලබාගැනීම තාක්‍ෂණික සහය හා උපදේශකාත්මක සේවාවන් ලබාගැනීම ෙද්‍රdaහි ක්‍රියාවන්ට ඇතුලත් බව රුසියානු රජය කියා සිටියේය.

High Treason to incude granting Financial, Technical and Consulting help ඒ සමඟම රුසියාවේ පිහිටි යූ. එස්‌. එච්. කාර්යාලය වසන්නැයි රුසියානු රජය නියෝග කර ඇත. එහෙත් ජිනීවා ගොස්‌ බටහිර රටවල් හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ගතුකීමට මෙරට එන්.ජී.ඕ. ක්‍රියාකාරින් ක්‍රියාකිරීම හඳුන්වන්නේ මානව හිමිකම් රැකීම යන්නයි.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකා රජයද මෙරට රාජ්‍ය රහස්‌ විදේශ රටවලට හෙලිකරමින් විශාල ලෙස අරමුදල් ලබාන්නා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නව නීතිරීති ගෙන ඒමට සැලසුම් කර ඇත.

මෙයට හේතුවී ඇත්තේ පාසල් සිසුන්ට විස්‌කෝතු දීමට මෙරටට පැමිණි කෙයාර් සංවිධානයත් ලමයින් ගැන ක්‍රියාකරන බවට හඬ නැගූ සේව්ද විල්රන් හා කාන්තා හිංසනය ගැන බෙරිහන් දෙන පෝරට්‌ සංවිධානය ඇතුළු විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන හතක්‌ මෙරට ඔත්තු බැලීමයි කෙයාර් සංවිධානය විසින් වන්නි මෙහෙයුම ගැන ඔත්තු බැලීමට 300 ක්‌ පමණ පිරිසක්‌ යොදවා තිබූ බවත් ඉන් 285 ක්‌ම ශ්‍රී ලාංකිකයන් බව හෙලිවිය.

මේ ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායම තවදුරටත් ක්‍රියාත්මකවන අනාවරණය වී ඇත. දැනට පවතින නීතිරීති යටතේ මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සපයන රටවල් හා එම අරමුදල් වැයකර ඇත්තේ කුමන කාර්යාලවලටදැයි ජනතාව වෙත හෙළිවී නැත. මේ අතර විදේශ අරමුදල් විශාල ලෙස ලබාගන්නා මෑතකදී අටවාගත් එන් ජී ඕ සංවිධානයත් රාජ්‍ය හා පුද්ගලික අංශය තුල විමර්ශන කටයුතු සඳහා බඳවාගන්නා බවත් දීමනාවක්‌ ලෙස රුපියල් 6000 බැගින් ගෙවන බවත් නිවේදනය කර ඇත.

දැන් මෙකී එන් ජී ඕ කල්ලිය කැලණිය හා කොළඹ විශ්වවිද්‍යාලවලටද ව්‍යාප්ත වී ඇත. 10 සහ 11 වැනි සීමාවාසික කණ්‌ඩායම් නමින් මේවා ක්‍රියාත්මක වේ. ප්‍රභාකරන් ඝාතකයා උතුරු නැගෙනහිර ගම්මානවල සිවිල් ජනතාව මරමින් ළදරුවන්ව කැති ගා දමද්දී දිවි ගලවා ගත් ගම්වැසියන්ගේ සුවදුක්‌ බැලීමට හෝ එහි අනාථ භාවයට පත් පිරිසට සහයවීමට මෙවන් සීමාවාසි කණ්‌ඩායම් එදා තිබුණේ නැත.

එහෙත් අපේ සෙබලුන් තම වර්තමානය හා අනාගතය පුදා වන්නිය ත්‍රස්‌ත ග්‍රහණයෙන් මුදාගැනීමත් සමඟ එකවරම කොලු කුරුට්‌ටන් සීමාවාසික කණ්‌ඩායම් මුවාවෙන් එලිදැක තිබේ. කොටි ඝාතකයන් සිටියදී පුදුකුඩිඉරිප්පු තවා වව්නියාවෙන් එහාටවත් යැමට නොහැකි වූ විට මේ සීමාවාසික කණ්‌ඩායම් දැන් එකී ප්‍රදේශයට ගොස්‌ ඇත්තේ මියගිය අපේ සෙබලුන් නිසාය.

එහෙත් සහජීවනය මුවාවෙන් මොවුන් පුදුකුඩිරිප්පු ගොස්‌ ඇත්තේ කුමක්‌ සඳහාද? ඊට පිලිතුරු සපයන්නේ නොවැම්බර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුවයි.

මේ තත්ත්වය මැද 2009 මාර්තු මස ස්‌විටිසර්ලන්තයේ ජිනීවා නුවර කොටි රැලිය අමතමින් කොටි අවි දැරිය යුතු බවත් ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ නිජබිමෙන් ඉවත් වී බැරැක්‌කවලට යා යුතු බවට පැවසූ නව වාමාංශික පෙරමුණේ ක්‍රියාකාරියකු පසුගිය සඳුදා රජයේ බැංකුවකට පැමිණියේය. මාධ්‍යවේදියකු වෙස්‌ගත් මේ තැනැත්තා එම බැංකුවට පැමිණියේ රජය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ලබාදෙන වාහන ණය මුදල ලබාගැනීමටයි. ජිනීවාහි කොටි රැලියේදී මොහු මෙලෙස ප්‍රකාශ කළේය.

"මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් ද්‍රවිඩ ජනතාවගේ අරගලය මර්දනය කර කොටි නායකයන්ව මරාදැමීම සඳහා ආරක්‍ෂාක හමුදාව ඉදිරියට යවා ඇති නමුත් එම කාර්ය තවමත් ඉටුවී නෑ. තම අයගේ මරණ කොටි මරණ ලෙස රජය පෙන්නුම් කරයි. වහාම සටන් විරාමයක්‌ අරඹා යාම සාකච්ඡා ආරම්භ කල යුතුයි. රජය ම්ලෙච්ඡ යුද්ධයක්‌ මෙහෙයවමින් ද්‍රවිඩ අරගලය අවසන් කර දැමීමට අපේක්‍ෂා කරයි. සිංහල අන්තවාදීන් යුධ කණ්‌ඩායමක්‌ සහ රජය විසින් මෙම යුද්ධය මෙහෙයවයි. ද්‍රවිඩ ස්‌වයංපාලනය සඳහා සහය වන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.

L.T.T.E has rights to have weapons. Sri
Lankan Forces must DROP guns. Retreat
frem enroached Tamil homeland and so
back to Barracks The mahinda Regime is
pressing the Armed forces to move
forward to crush The rebellion of the
People and to Kill LTTE Leaders

මෙලෙස රට දෙකඩ කිරීමට සහය වන ලෙසත් ප්‍රභාකරන් ප්‍රමුඛ මිනීමරු කණ්‌ඩායමට අවි ආයුධ ළඟ තබාගැනීමේ හිමිකම් ඇති බවත් පලකල මොහු මේ රජය ලබාදෙන වාහන ණය ලබාගැනීමට පැමිණියේ ලැ-ජා නැතිකම නිසා නොවේද?

එහෙත් බැංකුවේ නිලධාරීහු මේ ෙද්‍රdaහියාව හඳුනාගත්තේ නැත. මෙහිදී අපට නැගෙන ප්‍රශ්නය නම් මොහු ප්‍රභාකරන් සිටියදී කොටි සංවිධානයෙන් වාහන ණය ලබාගැනීමට ක්‍රියා නොකළේ මන්ද යන්නයි. එසේම මොහුට සමගාමීව තවත් කොටි හිතවාදියෙක්‌ද වාහන ණය ලබාගැනීමම පැමිණ තිබේ. මේ දෙදෙනාට හමුදාව පරාජය වී ප්‍රභාකරන් ඝාතනය ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළේය. එහෙත් මොවුන්ගේ වෙස්‌ මුහුණු සැලවී ඇත. මේ අතර මාලිගාවත්තේ සිට මුස්‌ලිම් එක්‌සත් විමුක්‌ති පෙරමුණ නමින් පක්‍ෂයක්‌ අටවාගත් මුජබිර් රහ්මන් නමැත්තා දැන් විපක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරයකුවී 13 වැනි සංශෝධනයට පක්‍ෂව ඉදිරිපත් කළ යෝජනාව පරාජය විය. සියළුම පළාත් සභා විසින් 13 වැනි සංශෝධනයට එරෙහි විය යුතු බවට මොහු විසින් යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබිණි.

මෙයට සමගාමීව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයද 13 වැනි සංශෝධනය ඉවත් කිරීමට එරෙහි විය. එම සංශෝධනය ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයෙන් පැවැත්වීමට තමන් විරෝධය පාන බවද මුස්‌ලිම් කොංග්‍රසය විසින් තවදුරටත් පවසා ඇත. මේ පසුබිම යටතේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව සමඟ සාකච්ඡා කිරීම සඳහා යෑයි කියමින් රජයේ සහ විපක්‍ෂ මන්ත්‍රීවරු දෙදෙනකු විදේශ ගතවිය. එහෙත් නෝර්වේහි ඊලම්වාදියකු වූ පංචකුලම් කන්දයියා සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ සුරේශ් සුරෙන්ද්‍රන් රජයට තර්ජනයක්‌ කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ගැලවෙන්නට දෙන්නේ නැතැයි පවසා ඇත.

ශ්‍රී ලංකා රජය අපි සමඟ එකඟතාවයකට පැමිණිය යුතුනම් අපේ ඉල්ලීම් ඉටුකළ යුතුයි. එම ඉල්ලීම් නම් ශ්‍රී ලංකාව තුළ ඊලම් ජනතාව පිලිගැනීම, ස්‌වයං පාලනය හෙටක්‌ වෙනම රටකට එකඟට යන යුධ අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්වීමට කටයුතු කිරීමයි. එම ඉල්ලීම් ඉටුකිරීමට එකඟවූවොත් ජාත්‍යන්තර මැදිහත්වීමත් මත අපි සාකච්ඡාවට එනවා යෑයි කන්දයියා තවදුරටත් කියාසිටියේය.

එහෙත් රජය එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කර තිබේ. මෙයට ප්‍රතිචාර දැක්‌වූ කන්දයියා තවදුරටත් පැවසුවේ 2004 පැවැති මැතිවරණයේදී 233000 ක්‌ ද්‍රවිඩයන් ස්‌වයං පාලනය සඳහා ද්‍රවිඩ සන්ධානයට ඡන්දය දුන් බවයි. මේ අතර මෙරට අභ්‍යන්තර කටයුතු වලට මාදිහත්වන විදෙස්‌ අරමුදල් ලබන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානියාට එරෙහිව කොළඹ නගරයේ අලවා තිබූ පෝස්‌ටර් වලට විරෝධය පලකරමින් එන් ජී ඕ සංවිධාන හා ක්‍රියාකාරීහු 39 ක්‌ විසින් සංදේශයක්‌ ප්‍රකාශයට පත්කර ඇත.

මේ එදා සිටම ශ්‍රී ලංකාවට එරෙහිව නිවේදන ප්‍රකාශයට පත්කරන කණ්‌ඩායම බව සනාථ විය. මේ නිවේදනය නිකුත්වී පැය 24 ක පසු ප්‍රධාන පෙලේ මානව හිමිකම් ක්‍රියාකාරිනියකට තර්ජනයක්‌ එල්ලවී ඇති බවටත් කෲරත්වය හා සාහසික ක්‍රියා ශ්‍රී ලංකාව තුළ පැතිරයන බවටත් වාර්තාවක්‌ හචින්සන් යෑයි පෝස්‌ට්‌ නැමැති වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත්විය. මේ අන්දමට ශ්‍රී ලංකාව තවමත් මර්දන ක්‍රියාකාරකම්වල යෙදෙන බවට සාවද්‍ය ප්‍රචාර දියත් කරන්නේ නොවැම්බර් 1 දා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි පසුබිම සකස්‌කර ගැනීම සඳහායි.

ශ්‍රී ලංකාවට එරෙහි ෙද්‍රdaහි ක්‍රියාදාමයන් එකින් එක දියත් වන අවස්‌ථාවේ ඇමරිකාවේ මාර්ෂල් ලිගාසි ආයතනය විසින් යුද හමුදාවෙ බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයට අනුයුක්‌ත ඩී. කේ. එන්. රෝහන් යන ස්‌පාර්ටකස්‌ නැමැති සුනඛයාට සම්මාන පුදකරනු ලැබීය.

යුධ හමුදාවේ අනිකුත් බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්‌ඩායම්වලට වඩා ස්‌පාටකස්‌ සුනඛයා පුපුරණ ද්‍රව්‍ය හා බිම්බෝම්බ විශාල තොගයක්‌ සොයාගෙන මිනිස්‌ ජීවිත බේරාගෙන තිබිණි. මේ ස්‌පාටකස්‌ සුනඛයා යුද හමුදාවට ලබාදී තිබුණේ ඇමරිකාවෙනි. මෙකී සම්මාන පුදකිරීම ගැන කොටි ජාලය කෝපයට පත්විය. යුද අපරාධ වල සලකුණු ඉවත් කිරීමට බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්‌ඩායම හා ස්‌පාටකස්‌ ක්‍රියාකළ බවද ඔවුන්ද ද්‍රවිඩයන් සමූල ඝාතන ක්‍රියාවලියට සම්බන්ධයි යෑයි කොටි ජාලය කියා සිටියේය.

මේ අතර 13 වැනි සංශෝධනය අවලංගු කරන ලෙස ඉල්ලමින් එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයෝ ඩුබායි වෙත පැමිණි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත සංදේශයක්‌ පිළිගන්වා ඇත.

හෙළබිම සහ සංසදය යන සංවිධාන ඊට මුල්වී තිබේ.

මවුබිම දෙකඩ කිරීම සඳහා සකස්‌ වූ කුමන්ත්‍රණකාරී වගන්තිය ඇතුලත් මෙම 13 වැනි සංශෝධනය සහමුළුමනින්ම අවංලගු කිරීම වහා ඉටුකළ යුතු කාර්යයක්‌ ලෙසද එකී සංවිධාන සිය සංවිධානයේ ජනාධිපති වෙත පෙන්නුම් කර ඇත.

සිංහල ජාතික පෙරමුණද මේ සතියේදී සුළු වාමාංශික නායකයකු වූ වික්‍රමබාහු කරුණාරත්නට එරෙහිව පොලිස්‌පති වෙත පැමිණිල්ලක්‌ කළේය. මේ පැමිණිල්ල ගැන නීතිපතිගෙන් උපදෙස්‌ පතා ඇතැයි පොලිස්‌පති වරයා ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ ලේකම් ජයන්ත ලියනගේ වෙත දැනුම් දී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.