යහපත් දරු පරපුරක්‌ සඳහා ළමා රැකවරණය

ළමා රැකවරණය හා ළමුන් හදා වඩා ගැනීම පිළිබඳ සුවිශේෂී අවධානයක්‌ වර්තමාන සමාජයේ අතිශයින්ම අවධානය යොමු කළ යුතු ප්‍රධාන වූත් වැදගත් වූත් කාර්යභාරයක්‌ වේ. වර්තමානයේ දරුවන්ට විවිධාකාර වූ පීඩනවලට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම සමාජ ආර්ථික ගැටලු දිනෙන් දිනම නොකඩවා වැඩිවෙමින් පවතී. මෙවන් වූ අර්බුදකාරී අවධියක අවශ්‍ය වනුයේ දෙමව්පියන් හා වැඩිහිටියන් වගකීමකින් යුක්‌තව කටයුතු කිරීමයි. පරිපූර්ණ වූ දරුවන් වර්ධනය වනුයේ වගකීම් සහිත දෙමාපියන් සෙවණේ පමණක්‌ය.

අද සමාජය දෙස බලන විට පෙනීයන්නේ යහපත් සාරධර්ම අප වෙතින් ගිලිහී ගොස්‌ ඇති බවත් හරවත් සමාජ අගය පද්ධතීන් ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතින බවත්ය. පොදු වශයෙන් බලන කල මිනිසාද මිනිස්‌ බවින් ඈත්වීම බහුලව දක්‌නට ලැබෙන ෙ€දජනක සිද්ධියකි. අප ජාතිය අද මුහුණපා ඇති දුක්‌බර තත්ත්වයට එක්‌ හේතුවක්‌ වී ඇත්තේ අපගේ දරු කැළ යහමඟට ගන්නා වැඩිහිටි පරපුරගේ දුර්වලතාවන් වේ. මේ සඳහා අනාගත දරු පරපුර විපතින් බේරා ගැනීමේ එක්‌ වැදගත් මාර්ගයක්‌ වන්නේ යහමග පෙන්වන දෙමාපියන් වැඩිහිටියන් දැනුවත් භාවය ලබා ගැනීමත්, උනන්දුවත් හා කැපවීමත්ය. එමෙන්ම දරුවන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමත්, හැසිරීම් නිරීක්‌ෂණයෙන් අවබෝධ කර ගැනීමත් මනාව කළ යුතුය. දරුවන් හොඳින් හඳුනා ගෙන ඔවුන්ට ලබාදිය යුත්තේ කුමන අන්දමේ ඉගෙනුම් පරිසරයක්‌ද, දරුවන් වෙනුවෙන් දැරිය යුතු වගකීSම් මොනවාද යන්නත්, ඇතිකරගත යුතු බලාපොරොත්තු මොනවාද ඒවා ඉටු කරන්නේ කෙසේද කියාත්, ඉතා මැනවින් සොයා බැලිය යුතුය. ඒවගේම දරුවාගේ පාසල හා සම්බන්ධකම් පවත්වා ගත යුත්තේ කෙසේද යන්නත් වගකීමෙන් අවබෝධ කරගත යුතුය.

අප සතු උතුම් සම්පත දරුවාය. එම දරු සම්පත හොඳින් රැක ගැනීම අප සැමගේ පරම යුතුකම වන්නේය. වෙනත් ඕනෑම වස්‌තු සම්භාරයන් නැති වුණහොත් අපට ලබාගත හැක. එහෙත් දරුවකු විනාශ වුවහොත් නැවත ලබාගත නොහැකිය. මේ නිසා දරුවා ඇති දැඩි කිරීමේදී දෙමාපිය වැඩිහිටියන්ට ඇත්තේ ඉතා වගකීම් සහිත භාරදූර කාර්යයකි.

දරුවන්ගේ වටිනාකම දන්නා දෙමාපියන් දරුවන් හොඳින් හඳුනාගත යුතුවීම ඉතා වැදගත් වේ. අතීතයේදී දරුවන් හැදී වැඩුණේa දෙමව්පියන් ඇසුරේ පමණි. නමුත් අද වත්මනෙහි තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්‌ය. විද්යුත් මාධ්‍ය හැටියට රූපවාහිනිය, අන්තර්ජාල පහසුකම් හා මුද්‍රිත මාධ්‍ය හැටියට පුවත්පත්, සඟරා, පොත්පත් දරුවන්ගේ සිතුම් පැතුම් හැසිරීම් චර්යා රටාවන් කෙරෙහි විවිධ අයුරින් බලපෑම් කරනු ලබයි. මේ නිසා දෙමව්පියන් දරුවන් ඇති දැඩි කිරීම ගැන අතීතයට වඩා දැනුවත් වීම කාලෝචිත වේ. දරුවාට නිරෝගිමත්ව සහනශීලීව ජීවත්වීමට සුදුසු පරිසරයක්‌ සකස්‌ කළ යුතු වේ. ගැහැනු පිරිමි භේදයකින් තොරව සමානව ආදරය කරුණාව හා සැලකීම දරුවන්ගේ මානසික සෞඛ්‍ය තත්aතවය වැඩීමට පිටිවහලක්‌ වේ. දරුවන්ගේ සෑම නිවැරදි ක්‍රියාවක්‌ම අගය කරන්නේ නම් සංවර්ධනය වේගවත් වේ. දරුවාගේ උත්සාහය දිනෙන් දිනම වැඩි වේ. දෙමාපිය උනන්දුව මත දරුවාට අත්හදා බැලීම් කිරීමට ඉඩ දිය යුතු වන අතර එමඟින් සංවර්ධනය ඇතිවේ. කුඩා අවධියේ සිටම දරුවන්ට පිරිසිදුකම ප්‍රගුණ කළ යුතුය. ආහාර ගැනීමට පෙර අත් සබන් ගා සෝදා ගැනීම, නින්දට පෙර දත් මැදීම, සිරුර සෝදා ගැනීම පුරුදු කළ යුතු වගේම ක්‍රමවත්ව මුත්‍රා කිරීම, වැසිකිළියාම පාවිච්චි කිරීම වැනි සිරිත් විරිත් පුහුණු කළ යුතුවේ.

අද සමාජයේ සමහර දෙමව්පියන්ට, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල දරුවා සමඟ කාලය ගතකරන්නට සෙල්ලම් කිරීමට හා සිංදු කවි කතා කියවීමට විවේකය නැත. දරුවන්ට අවශ්‍යම කරන ආදරය, කරුණාව, උණුසුම, දයාව ආදී අධ්‍යාත්මික ගුණ වගාව සඳහා අවශ්‍ය සම්බන්ධතාවන්ය. පවුල්වල සමඟි සම්පන්නකම, එකමුතුකම හා සහෝදරත්වයෙන් යුතුව විසීම දරුවන්ගේ වැඩීම හා ආරක්‌ෂාව කෙරෙහි බලපාන්නා වූ ප්‍රධාන සාධකයන් වන අතර දෙමව්පියන් විසින් කළ යුතු ප්‍රධානම යුතුකම වන්නේ දරුවන්ගේ වැඩීමටත්, සංවර්ධනයටත් පෝෂණයටත් හිතකර පිරිසිදු හිතකර පරිසරයක්‌ සෑදීමට උත්සාහ ගැනීමයි.

දරුවන්ගේ මනා කායික හා මානසික සංවර්ධනය සඳහා අවශ්‍ය වැදගත් කරුණක්‌ නම් නිදහසේ සෙල්ලම් කිරීමට, විනෝද වීමට ඉඩ පහසුව තිබීමය. කුඩා දරුවන් ස්‌වභාවයෙන්ම ක්‍රියාශීලීය. නිතර දුව පැන නටති. ඒ නිසා ඔවුන්ට හිතේ හැටියට ක්‍රීඩා කිරීමට විනෝදවීමට හා විනෝද චාරිකා අවස්‌ථා සලසාදිය යුතුය. ශරීර සෞඛ්‍ය

රැකගැනීම සඳහාත් දුක වේදනාව කනගාටු තත්ත්වයන් සමනය කර ගැනීමටත් දරුවන් එකට එකතුවී ක්‍රීඩා කිරීම ප්‍රයෝජනවත්ය. ක්‍රීඩා කිරීමෙන් දරුවන් අතර සහයෝගය මිත්‍රශීලී භාවය ඇතිවේ. දෙමාපිය වැඩිහිටියන්ගේ සෙනෙහස ආදරය කරුණාව වැඩියෙන් ලැබුණු තරමට දරුවා හොඳ නිරෝගිමත් දරුවකු බවට පත්වේ. දරුවන්ට දෙමාපිය දෙදෙනාගේම උණුසුම අවශ්‍ය වෙයි.

දෙමාපිය අදහස්‌ ආකල්ප හා හැසිරීම් චර්යා, කතා බහ හා හැඟීම් ආදිය මත දරුවන්ද පරිසරයේ ජීවත්වීමට හැඩගැසේ. සමගි සම්පන්න, ආදරය, කරුණාව හා උණුසුම ඇති සුන්දර නිවසක නිරෝගිමත් පරිපූර්ණ වූ දරුවන් හැදී වැඩීම සිදුවේ. එවගේම හොඳ ආරක්‌ෂිත තත්ත්වයන්ද දරුවන්ට අවශ්‍යය. දරුවෙක්‌ මනාව වැඩෙනුයේ එවන් වූ පරිසරයක්‌ තුළය. දරුවන්ගේ කායික අවශ්‍යතාවයනුත් මානසික අවශ්‍යතාවයනුත් හොඳින් ඉටු කළ යුතුය.

දරුවන්හට ඉවසීම කුඩා කාලයේ සිටම පුරුදු කළ යුතුම දෙයකි. අනවශ්‍ය වූ තරගකාරීත්වය දරුවකුගේ මනස තුළ ඇති නොකළ යුතු වන අතර තමන්ට ලද දෙයින් සතුටුවීමට පුරුදු කර ගැනීමට වගබලා ගත යුතු වේ. ඉවසීම, දයාව, කරුණාව මෙන්ම ගරු කිරීම ඇතිවන්නේ දරුවන් යහමගට යෑවීමට දෙමව්පිය වැඩිහිටියන් නිතරම උත්සාහවත් වීමෙන් පමණි. එමගින් දරුවාගේ සාරධර්ම ඉබේම වර්ධනය වේ. දෙමව්පියන් විශේෂයෙන්ම උත්සුක විය යුත්තේ දරුවන්ගේ භය, ලැඡ්ජාව, සබකෝලය, කෝපය, දරදඬු බව හා වෛරය දරු හදවත්වලින් තුරන් කිරීමට මහන්සි ගැනීමයි. ඒ ගැන වගබලා ගැනීමට කටයුතු කිරීමයි.

දරුවා ජීවත්වන ගෙදර පරිසරයද දරුවාට යෝග්‍ය පරිදි නිදහසේ වැඩීමට ගැළපෙන ලෙස සකස්‌ කර දිය යුතු හොඳ පරිසරයක්‌ විය යුතුය. දරුවාගේ ආරක්‍ෂාවද නිතරම සිහිතබා ගත යුතුවේ. දරුවාගේ ආත්ම ශක්‌තිය ඇතිවීමට කායික හා මානසික තත්ත්වයන් වැඩීමට නිවස දරුවාට අවශ්‍ය නිදහස්‌ තැනක්‌ මනා පරිසරයක්‌ තිබීමෙන් හොඳ ක්‍රියාකාරී දරුවකු තත්ත්වයට පත්වේ. හොඳ පරිසරයක්‌ තුළින් දරුවා බුද්ධිමය අත්දැකීම් ලබා ගනී.

සෑමවිටම වැඩිහිටියන් අනුකරණය කිරීම දරුවන්ගේ සිරිතය. දෙමව්පියන්, වැඩිහිටියන් කරන කියන හැම දෙයක්‌ම දරුවෝ අනුකරණය කරති. එබැවින් දරුවා ඉදිරියේ හැසිරීම, කතාබහ කිරීම ප්‍රවේශමෙන් කළයුතු අතර දරුවා බොහෝ දේ ඉගෙන ගන්නේ දෙමව්පියන්ගෙනි. හොඳ චාරිත්‍ර හා සිරිත් විරිත් අනුගමනය කිරීම හා ගුණධර්ම කුඩා කල පුරුදු පුහුණු කිරීමෙන් හුරුවක්‌ දරුවා ඇතිකර ගනී.

යහපත් ධන ආකල්පවලින් දරුවන් හදාවඩා ගැනීම දෙමාපියන්ගේ යුතුකම වන අතර විශේෂ අවධානයකින් ආකල්ප වර්ධනය පිළිබඳ කටයුතු කළ යුතුය. එවගේම යහපත් ගුණධර්ම හා දරුවාගේ දක්‍ෂතා හඳුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමට පුරුදු පුහුණු කළ යුතුය. දෙමව්පියන්ගේ මූලික අරමුණ විය යුත්තේ යහපත් සාරධර්මවලින් යුක්‌ත දරුවකු හදා ගැනීමයි. නිහතමානී බව, යටහත් පහත් බව, වැඩිහිටියන්ට ගරු කිරීම ආගමික චාරිත්‍ර අනුව කටයුතු කිරීම ප්‍රගුණ කළ යුතුය. යහපත් ගුණධර්ම ප්‍රගුණ කිරීමෙන් ගුණ ගරුක සමාජයට හිතකර සුන්දර දරුවන් බිහිවීම අනිවාර්යයෙන්ම සිදුවේ.

අද වත්මන් සමාජයේ දිනෙන් දිනම රජ කරන්නේ දූෂණය, වංචාව, මංකොල්ලකෑම්, මිනීමැරීම් හා මත්ද්‍රව්‍ය සුරාව රජයන ලෝකයක්‌ය. එබැවින් විශේෂයෙන් දෙමාපිය වැඩිහිටියන්ගේ පරම යුතුකම විය යුත්තේ මුතු මැණික්‌, රන් රුවන් වන් දරු පැටව් ඔබගේ දෙනෙත් මෙන් හොඳින් රැක බලාගැනීමත්a, යහපත් සාරධර්ම කියාදීමත් යහපත් ආකල්ප ඇති කිරීමත්ය.

ඊ. එල්. ඒ. කේ. ලියනගේ
 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.