බුරුමයේ බෞද්ධ - මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍රවේ
112 ක්‌ මරුට - නිවාස දෙදහසක්‌ ගිනිබත්




බුරුමයේ රකීන් ප්‍රාන්තයේ බෞද්ධ මුස්‌ලිම් ගැටුම් යළිත් උග්‍ර වී ඇත.

රකීන් බෞද්ධයන් හා රෝහින්ගා මුස්‌ලිම්වරුන් අතර ඇතිව තිබෙන ගැටුම් වලින් 112 ක්‌ මියගොස්‌ තවත් 72 ක්‌ තුවාල ලබා ඇත.

මේ ගැටුම් නිසා නිවාස දෙදහසක්‌ ගිනිබත් වී ඇත.

පසුගිය ජුනි මාසයේදී බෞද්ධ මුස්‌ලිම් ගැටුමක්‌ ඇති වූ අතර එහිදී ද 90 දෙනෙක්‌ මරණයට පත් වී නිවාස තුන්දහසක්‌ ගිනිබත් කරන ලදී.

මේ අතර බංග්ලාදේශ රජය පවසන්නේ බුරුමයෙන් පලා එන රෝහින්ගා මුස්‌ලිම්වරුන් භාර ගැනීමට තමන් සූදානම් නැති බවය.
 
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.