පතානයායේ ගම්මු කිරිඳිඔය තරණය කරන්නේ ටියුබ් එකෙන්
අත්වැල් පාලමක්‌වත් දුන්නොත් පිනක්‌

සටහන සහ ඡායාරූප - හම්බෙගමුව - ප්‍රේමතිලක බණ්‌ඩාර

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් කුඩාඔය ග්‍රාමසේවා වසමේ පතානයාය ගම්මානයේ පවුල් 150 ක්‌ පමණ ජීවත්වෙති.

එම ගම්මානය හරහා ගලා බසින කිරිඳිඔය පතානයාය ගම්වාසීන්ට ලැබුණු මහත් දායාදයකි.

එහෙත් එම ගඟෙන් එහා මෙහා යැමට පාලමක්‌ නොමැති නිසා අවුරුදු 40 ක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඔවුන් ගෙවන්නේ ඉතා දුෂ්කර දිවි පෙවතකි.

එම දුෂ්කර ජීවිතය ගම්වාසියකු වන අජිත් ප්‍රියන්ත කියා සිටියේ මෙසේය.

''අපි මේ ගමේ පදිංචි වෙලා අවුරුදු හතළිහකට ආසන්නයි. අපේ අම්මා තාත්තා ජීවත් වුණේ මේ කිරිඳිඔය ගඟෙන් වතුර අරගෙන එයින් ගොවිතැන් කරලයි. අපිත් මේ ගමේ මේ විදියටම ජීවත්වෙනවා. මේ පතානයාය ගම්මානයට කිසි දෙයක්‌ නැහැ. යන්න එන්න පාරක්‌ නැහැ. අපේ ළමයි පාසල් යන්නේ ගඟෙන් එගොඩ වෙන්නේ ටියුබ් වලින්. හදිසියේ ටියුබ් එක පෙරළුනොත් ළමයින්ගේ ජීවිත වුණත් නැති වෙන්න ඉඩ තියෙනවා.''

එම ගමේ පදිංචි වී සිටින සුධර්මා මහත්මිය කීවේ මෙවැනි කතාවකි.

''අපි වගා කරන එළවළු පවා කරෙන් අරගෙන යන්න අපට සිදුවී තිබෙනවා. පසුගිය දිනක අපේ දරුවන් දෙදෙනා සමග සුළං පිරවූ ටියුබ් මත නැගී ගඟ හරහා පැමිණෙද්දී ටියුබ් එක පෙරළී දරුවන් දෙදෙනා ගඟට වැටුණා. එය දුටු තරුණයකු ගඟට පැන දරු දෙදෙනා බේරා ගත්තා. මෙවැනි සිදුවීම් මීට පෙරත් සිදුවෙලා තියෙනවා.''

මීට පෙර මෙම ගම්මානයට ප්‍රදේශයේ දේශපාලනඥයන් කිහිපදෙනකු පැමිණ ගමට විදුලිය දෙන බවට පොරොන්දුවී ඡන්දය අරගෙන ගියා. අපි හැමදාම රැවැට්‌ටුවා. අපි ඉල්ලන්නේ රන් මසුරන් නෙවෙයි. ගඟෙන් එහා මෙහා යන්න අත්වැල් පාලමක්‌'' යෑයිද ඇය කීවාය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.