මුතූර් රෝහලේ හෙද වර්ජනයක්‌

කන්තලේ -ඩබ්. ඇම්. වික්‍රමසිංහ සහ ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

මුතූර් මූලික රෝහලේ සේවයේ නියුතු හෙද නිලධාරිනියකට ඊයේ (31 දා) අලුයම රෝහල තුළදී වෛද්‍යවරයකු විසින් පහරදීම පිළිබඳව විරෝධය පා රෝහලේ හෙද නිලධාරීන් ඊයේ උදෑසන සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කර ඇත.

පහර කෑමට ලක්‌ වූ හෙද නිලධාරිනිය මුතූර් මූලික රෝහලේ 7 වාට්‌ටුවේ ප්‍රතිකාර ලබයි. පහර දුන් බවට සැක කරන වෛද්‍යවරයාට විරුද්ධව මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි කේ. ගුරනාලන් මහත්මියට පැමිණිලි කර ඇතැයි පවසන වර්ජිත හෙද නිලධාරීහු දෙපාර්තමේන්තු මට්‌ටමින් ගැටලුව නිරාකරණය කර ගැනීමට වහා මැදිහත් වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටිති. සුළු බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් මෙම ගැටුම ඇතිවී ඇති බව සඳහන් වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.