රජයේ බොහෝ රෝහල්වල බෙහෙත් හිඟයක්‌

ඒමන්ති මාරඹේ

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන්ගේ රුධිරගත සීනි මට්‌ටම පාලනය කිරීම සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගයක්‌ වන "මෙට්‌ෙµdaමින්" පෙති සහ අත්‍යවශ්‍ය ප්‍රතිජීවක බෙහෙත් හා එන්නත් වර්ග 10 කට අධික සංඛ්‍යාවක්‌ මෙම දිනවල බොහෝ රජයේ රෝහල්වල හිඟව පවතින බව එම රෝහල් ආරංචි මාර්ග පැවැසීය.

තත්ත්වයෙන් බාල බව තහවුරුවීම නිසා ඇතැම් බෙහෙත් හා එන්නත් වර්ග භාවිතයෙන් ඉවත් කිරීම මෙම බෙහෙත් හිඟයට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයි එම ආරංචි මාර්ග පැවැසීය.

මෙසේ රෝහල්වල හිඟව පවතින බෙහෙත් හා එන්නත් වර්ග වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත තම පෞද්ගලික වියදමින් පෞද්ගලික ඔසුසල් හරහා මිලදී ගැනීමට සිදුව ඇති බව රෝගීහු පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.