හෘද රෝගීන්ට අත්‍යවශ්‍ය ටී. එන්. ටී. පෙති හිඟයි

ඒමන්ති මාරඹේ

හෘද රෝගීන් හට පපුවේ වේදනාවක්‌ හට ගත් විට දිව යටින් තබා ගැනීමට ලබාදෙන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගයක්‌ වන "ටීඑන්ටී" (ට්‍රයිග්ලිසරයිඩ් නයිටේ්‍රට්‌) පෙති මෙම දිනවල ඇතැම් රජයේ රෝහල් හා බොහෝ ඔසුසල්වල හිඟව පැවැතීම නිසා එම රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

ජීවිතාරක්‍ෂක බෙහෙත් වර්ගයක්‌ වන මෙම ඖෂධය ප්‍රධාන පෙළේ රෝහල්වල පැවතියද ප්‍රාදේශීය රෝහල්වල ඒවා හිඟව පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය මත එම පෙති පිටතින් මිලදී ගන්නා ලෙස රෝගීන්ට නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබේ.

එහෙත් පෞද්ගලික ඔසු සල්වලද මෙම බෙහෙත් පෙති හිඟව පැවැතීම නිසා හෘද රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වෛද්‍යවරු පෙන්වා දෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.