කරාපිටිය ශික්‍ෂණ රෝහලේ
ගණකාධිකාරිනියට කිසිදු චෝදනාවක්‌ නැහැ

- රෝහල් අධ්‍යක්‍ෂ

කරාපිsටිය ශික්‍ෂණ රෝහලේ ගණකාධිකාරිනියට කිසිදු චෝදනාවක්‌ එල්ල වී නැති බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ.

"කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ගණකාධිකාරිනියට රුපියල් ලක්‍ෂ 30 ක වංචා චෝදනාවක්‌" මැයෙන් ඉකුත් 8 වැනිදා "දිවයින" පත්‍රයේ මුල් පිටුවේ පළ වූ පුවත ගැන කරුණු දක්‌වමින් අධ්‍යක්‍ෂවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ. එම පුවත පළවීම නිසා එම නිලධාරිනිය දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ද එමගින් පෙන්වා දී තිබේ.

මේ අතර එම පුවත පිළිබඳව අප වෙත ලිතව කරුණු පැහැදිලි කිරීමක්‌ එවා ඇති එම රෝහලේ ගණකාධිකාරිනිය එම පුවත සත්‍යයෙන් තොර බව ද අවධාරණය කරයි. අස්‌ථාන චෝදනාවක්‌ තමා වෙත එල්ල වී ඇති බව ද එමගින් ඇය ප්‍රකාශ කර තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.