හෙට හෙද වර්ජනයක්‌

ශිරාන් රණසිංහ

හෙද සේවාවේ පවතින ප්‍රධාන ප්‍රශ්න පහක්‌ මුල්කරගෙන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට අයත් හෙද නිලධාරීන් හෙට (15 වැනිදා) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

පළාත් සභාවෙන් හෙද සේවයට බඳවාගැනීම නතර නොකිරීම, සතියට දින පහක්‌ හෙද සේවය සීමා නොකිරීම, අතිකාල ඇතුළු අනෙකුත් දීමනා 2011 වසරින් පසු වැඩි නොකිරීම, 2011-2012 උසස්‌වීම් ක්‍රියාත්මක නොකිරීම, හෙද උපාධිධාරීන් වසර එකහමාරක්‌ තිස්‌සේ සේවයට බඳවා නොගැනීමට එරෙහිව මෙම එක්‌දින සංකේත වර්ජනය ආරම්භ කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට පැවසීය.

රිඡ්වේ ආර්යා ළමා රෝහල, කාසල් කාන්තා රෝහල, පිළිකා රෝහල හා ඇස්‌ රෝaහල මෙම හෙද වර්ජනයට අයත් නොවන බව ඒ මහතා සඳහන් කළේය.

මෙම සංකේත වර්ජනය හෙට (15 වැනිදා) පෙරවරු 7.00 සිට (16 වැනිදා) පෙරවරු 7.00 දක්‌වා ක්‍රියාත්මක වන අතර ඊටත් බලධාරීන් නිසි පියවර නොගන්නේ නම් ඊළඟ වෘත්තීය ක්‍රියාමාර්ගය රැස්‌ව තීරණය කරන බව ද ඒ මහතා පැවසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.