ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය අදට (14 දාට) යෙදී තිබේ. දියවැඩියා රෝගය මේ වනවිට බෝ නොවන රෝග අතර ප්‍රධාන රෝගයක්‌ බවට පත් වී තිබෙන්නේ තවත් රෝග ගණනාවකට දියවැඩියා රෝගය ප්‍රධාන වන බැවිනි. දියවැඩියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගත්විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක්‌ මේ වනවිට දියවැඩියා රෝගයට ගොදුරු වී සිටිති.

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ඊයේ (1 දා) පෙරවරුවේ බත්තරමුල්ලේ දී ලෝක දියවැඩියා දින පාගමනක්‌ පැවැත්විණි. බත්තරමුල්ල දියවන්නා ඔය අසල දී පැවැති මෙම පාගමනට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ, සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්‌නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත එµa. ආර්. මෙහෙතා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.