ජනපති ජන්ම දිනය වෙනුවෙන්
ළමා රෝහලේ අංශ කිහිපයක්‌
ප්‍රතිසංස්‌කරණය කරයි


ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සායනය අංශය, මහජන ඇමැතුම් පද්ධතිය සහ පරිගණක ජාලය ඇතුළු අංශ කිහිපයක්‌ ප්‍රතිසංස්‌කරණය කිරීමට පියවර ගෙන ඇත.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ උපදෙස්‌ මත ජනාධිපති අතිරේක ලේකම් ඩී. එස්‌. ගුණරත්න, ජනාධිපති කාර්යාලයේ උපදේශක එස්‌. ඒ. ජී. සූරියආරච්චි යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාද මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදී ඇතැයි රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.