දැරිය අපයෝජනයට ලක්‌ කළ
සිද්ධියේ සැකකාර වෛද්‍යවරයාට ඇප

බිංගිරිය - සෝමසිරි ඒකනායක

රෝහල් නිල කාමරයේ දී 9 හැවිරිදි බාල වයස්‌කාර දැරියක අපයෝජනයට ලක්‌ කළ බවට සැක කරන කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයකු පසුගිය 12 වැනිදා පොලිසිය මගින් කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහැරීමට කුලියාපිටිය මහෙස්‌ත්‍රාත් මනෝඡ් තල්ගොඩපිටිය මහතා නියම කරනු ලැබීය.

මෙම දැරිය අලුයම් කාලයේ දී සිය පියා සමග බාප්පාට ප්‍රතිකාර ගැනීමට පැමිණ ඇත. ඇයගේ බාප්පා රෝහල් වාට්‌ටුවට ඇතුල් කිරීමට පියා බැහැරව ගිය අවස්‌ථාවේදී දැරිය වෛද්‍යවරයාගේ අතවරයට ලක්‌ව ඇතැයි පැවසේ. මේ බව දැරිය නිවසට ගොස්‌ මවට හෙළිකිරීමෙන් අනතුරුව ඔවුන් පොලිසියට පැමිණිලි කොට ඇත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණය 2013 ජනවාරි මස 13 වැනි දිනට කල්තබන ලදී.

කුලියාපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. බන්දුල විජයලත් මහතා පැමිණිල්ල ඉදිරිපත් කළ අතර නීතිඥ චන්දන යාපා මහතා සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

.......................................

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.