බෝවෙන රෝග පාලනය සඳහා නව මාර්ගෝපදේශන හඳුන්වා දෙයි

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ වැඩිහිටි, තරුණ හා ළමා පරපුර අතර බෝ නොවන රෝග වේගයෙන් පැතිරයමින් පවතී. මේ නිසා බෝනොවන රෝග පාලනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාශය මගින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙළ යටතේ බෝ නොවන රෝග කළමනාකරණය සඳහා නව උපදේශන මාලාවක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග පාලන අංශය විසින් හඳුන්වා දෙනු ලැබීය.

කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී බෝනොවන රෝග අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය තලතා ලියනගේ මහත්මිය විසින් මාර්ගෝපදේශන මාලාව අමාත්‍යවරයාට පිරිනැමූ අයුරු මෙහි දැක්‌වේ.

සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය එෆ්. ආර්. මෙහෙතා යන මහත්වරු ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.