අසාත්මිකතාවට හේතු සොයන්න වෛද්‍ය කණ්‌ඩායම්

ඒමන්ති මාරඹේ

පාසල් දරුවන් සමූහ වශයෙන් ස්‌ථාන කිහිපයකදී ඇඟ කැසීම, පලු දැමීම හා ක්‌ලාන්ත වැනි අසාත්මික තත්ත්වයන්ට ලක්‌වීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා වසංගත රෝග අංශයේ වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායමක්‌ බැගින් එම ප්‍රදේශවලට යෑවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සුදත් පීරිස්‌ මහතා ගම්පොල, ජිනරාජ විද්‍යාලයේ පාසල් දරුවන් අසාත්මිකතාවයට පත්වීම පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ගම්පොළ ප්‍රදේශය වෙත පිටත්කර ඇති අතර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරපෝෂිතවේදය පිළිබඳ කණ්‌ඩායමක්‌ ද එහි ගොස්‌ ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.

අදාළ අසාත්මිකතාව පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ප්‍රදේශවලට පිටත් කර ඇති විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම්වලට වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු, කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු බැගින් අයත්ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.