පාසල් දරුවන් රෝගී වීම ගැන පුළුල් පරීක්‌ෂණයක්‌

තුෂාරී කළුබෝවිල

ගම්පොල, මහනුවර, බලංගොඩ ප්‍රදේශවල පාසල් දරුවන් විශාල පිරිසකට ඇතිවූ හදිසි අසාත්මිකතාවට හේතුව සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ නිර්දේශය පරිදි පෙරේදා (16 වැනිදා) චර්ම රෝග විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායමක්‌ද එම ප්‍රදේශවලට වහාම පිටත් කර යෑවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.

මේ වන විටත් වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් පීරිස්‌ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්‌ඩායමක්‌ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා නිලධාරීන් පිරිසක්‌ද එම අසාත්මික තත්ත්වයට හේතුව කුමක්‌දැයි පරීක්‌ෂණ ආරම්භ කර ඇත.

පසුගිය 14 වැනිදා ගම්පොල ජිනරාජ බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් 2425 ක්‌ද, පෙරේදා 16 වැනිදා මහනුවර නුගවෙල පිරිමි විදුහලේ සිසුන් 200 ක්‌ද, බලංගොඩ වැලිගෙපොල වළගම්බා විද්‍යාලයේ සිසුන් 50 ක්‌ද මෙම අසාත්මිකතාව හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

එම දරුවන් ඇඟ කැසීම, ඇඟ දැවිල්ල, බිබිලි මතුවීම, වමනය, ක්‌ලාන්ත ගතිය වැනි රෝග ලක්‌ෂණ පෙන්නුම් කර තිබිණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.