කතුන්ට හිරිහැර කරන නිලධාරීන් හෙළි කරන්න
වෛද්‍ය පරිපාලක සංගමය සෞඛ්‍ය ඇමැතිගෙන් ඉල්ලයි

ඒමන්ති මාරඹේ

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකරන බව කියන නිලධාරීන් කවුරුන්දැයි යන්න ප්‍රසිද්ධ කර ඔවුනගේ තරාතිරම නොබලා දඬුවම් කිරීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ලිත ඉල්ලීමක්‌ කර තිබේ.

පසුගිය දිනවලදී ජනමාධ්‍යයන් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් විසින් ඔවුනගෙන් උපකාර ඉල්ලා පැමිණෙන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුකරන බවට සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයට ඉමහත් ප්‍රසිද්ධියක්‌ ලබාදුන් අතර එවැනි හිරිහැර සිදු කරනු ලබන නිලධාරීන්ව නිශ්චිතව නම් නොකිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කීර්ති නාමයට මහත් හානියක්‌ සිදුව ඇතැයි වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය සිය ලිපියෙහි සඳහන් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් නව රැකියාවන්, සේවා උසස්‌වීම් හා ස්‌ථාන මාරුවීම් ලබාගැනීම සඳහා ගිය විටදී කතුන් මෙසේ හිරිහැරවලට ලක්‌වන බවට ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතත් එකී කාර්යයන් සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත යොමුවනවාට වඩා කාන්තාවන් යනුයේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වෙත බැවින් එම ප්‍රකාශය ගැටලු සහගත බව ද එහි දක්‌වා තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.