ඊශ්‍රායල් ප්‍රහාරවලින් 96 ක්‌ මරුට
මානව හිමිකම් ගැන හඬ නගන රටවල් නිහඬ වේ

ඊශ්‍රායලය විසින් දියත් කළ ඔපරේෂන් පිල්ලාර් මෙහෙයුමින් පලස්‌තීනුවන් 96 ක්‌ මරුමුවට පත් වී ඇත.

මේ අතර වහාම සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කීන් මූන් විසින් දෙපාර්ශවයෙන්ම ඉල්ලා තිබේ.



එහෙත් ඊශ්‍රායලය ඊට එකඟ වී නැත. අපි මෙහෙයුම තවදුරටත් පුළුල් කරන්නෙමු යයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේය. ගාසා තීරයේ ඇති වී තිබෙන මෙම ගැටුමට ඊජිප්තුව සහය දැක්‌වීම නිසා ඊජිප්තුවට ආධාර දීම නතර කරන බව ඇමරිකානු මන්ත්‍රීවරයෙක්‌ ප්‍රකාශ කර ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.