හදිසියේ රෝගාතුරවීම නිසා පාසල් 5 ක
සිසුහු 119 ක්‌ ඊයේ රෝහල්ගත කෙරෙති


මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර, දඩයම්තලාව - පී. ජයසිංහ, ලාහුගල - ගයාන් චින්තක, බලන්ගොඩ - හර්බට්‌ චින්තාමනී, එන්. එච්. පියසේන සහ සේන කපුගේ, මීගමුව -විමල් කීර්ති, මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක



දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඊයේ (20 දා) අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුන් 119 දෙනකු හදිසියේ රෝගිවීම නිසා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

අධ්‍යාපනය ලබමින් සිටියදී ඊයේ දහවල් ඇඟ කැසීම්, පළු දැමීම් සහ ක්‌ලාන්තය වැනි රෝග ලක්‍ෂණ මතුවීමෙන් පසු මෙම සිසු දරුවන් රෝහල් කරා ගෙන ගොස්‌ තිබේ.

අම්පාර ගාමිණී මහ විදුහලේ සිසුහු 28 ක්‌ද, මොණරාගල බඩල්කුඹුර නිශ්ශංක මහා විද්‍යාලයේ සිසුහු 19 ක්‌ද මිනුවන්ගොඩ පොල්වත්ත මහ විද්‍යාලයේ සිසුහු 34 සහ පින්නවල උඩගම විදුහලේ සිසුහු 25 ක්‌ද මීගමුව ශාන්ත පීතර මහා විදුහලේ සිසු 13 ක්‌ මෙලෙස හදිසියේ රෝගි වී රෝහල්ගත කර සිටිති.

රෝහල් ගතකරන ලද මෙම සිසු සිසුවියන්ගෙන් වැඩි පිරිසක්‌ ඊයේ සවස්‌ වන විට ප්‍රතිකාර ලබා නිවෙස්‌වලට ගොස්‌ තිබේ.

මෙම සිසුන්ට දරුණු රෝගී තත්ත්වයක්‌ නොමැති බව අම්පාර, බඩල්කුඹුර, මිනුවන්ගොඩ බළන්ගොඩ සහ මීගමුව රෝහල්වල වෛද්‍යවරු "දිවයින"ට පැවැසූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.