නාරි වෛද්‍යවරයකු ලෙස රඟපෑ
පෙදරේරුවා අත්අඩංගුවට ගනියි


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සචිත්‍ර ඇල්වලගේ සහ සමන් උපුල් පිනිදිය - අකුරැස්‌ස

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු යෑයි පවසමින් කාන්තාවන් පරීක්‌ෂා කළ පෙදරේරුවකු (16 දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.

මෙම සැකකරු තමන් කරාපිටිය ශික්‌ෂණ රෝහලෙන් පැමිණෙන වෛද්‍යවරයකු යෑයි පවසා නිවෙස්‌වලට ගොස්‌ ගර්භනී තත්ත්වයේ පසුවන කාන්තාවන් හා තරුණියන් පරීක්‌ෂා කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක, දංවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි.

තරුණියක පරීක්‌ෂාවට ලක්‌ කරමින් සිටියදී සැකකරු කොටුකරගත් බව පොලිසිය කියයි.

එම තරුණියගේ ඥතීහු මෙම පුද්ගලයා ගැන සැකකොට පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම සැකකරුගේ විස්‌තර සොයා බැලීමේදී වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූ කිසිවක්‌ නොවූ බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු යම්කිසි මානසික රෝගයකින් පීඩා විඳින බවද පෙන්නුම් කළේ යෑයිද පොලිසිය කියයි. මේ පිළිබඳව මොරවක පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.