ඇඟ කැසිල්ල සහ "ඌට පිස්‌සු" ප්‍රතිකාරය

එක "ලෙඩක්‌" අවසන් වන විට තව ලෙඩක්‌ මතුවීමේ පදනම මත රට පුරා පාසල්වල දරුවන් අතර "ඇඟ කැසිල්ල" ඇතුළු වෙනත් හදිසි ලෙඩ රෝග පැතිර යැමට පටන් ගෙන ඇත. මේ වර්ගයේ ලෙඩ ක්‍රමය පටන් ගන්නා ලද්දේ "ගී්‍රස්‌ යකා" ගෙනි. කොහේදොa සිටි සිහි විකල් වූ වනචර මිනිහෙක්‌ මෙයට කලකට පෙර රාත්‍රි කාලයකදී දුර පළාතකින් මතු වී නිවසක්‌ අසල කෙසෙල් ගසක්‌ පිටුපස සැඟව සිටියේය. ඒ ගෙදර කාන්තාව ඉඳුල් වතුර වළඳක්‌ කෙසෙල්ගස මුලට විසි කිරීම සඳහා පිළිකන්නට පැමිණියා ය. එවිට සැඟව සිටි කාම ලෙඩා වහා පැන ගැහැනිය බදාගෙන සිරුර පිරිමැද්දාය. ඇය මරහඬ තලන්නට වූ විට 2Ü2 පොල්ලක්‌ රැගෙන ගෙහිමියා පැමිණි අතර කාම ලෙඩා ගැහැනිය අතහැර පැන දිව්වේය. පසුව පරීක්‍ෂා කර බැලීමේදී පෙනී ගියේ ගැහැනියගේ සිරුරේ තැන තැන ගී්‍රස්‌ වැනි ලිහිස්‌සී ද්‍රව්‍යයක්‌ තැවරී තිබෙන බවය. ඒ අනුව ගැහැනිය බදාගත් අබිරහස්‌ මිනිහා සිය ශරීරය පුරා ගී්‍රස්‌ තවරාගෙන සිටි බවට තර්කයක්‌ ගොඩනඟන ලදි. ඇඟ පුරා ගී්‍රස්‌ ගාගත් මිනිහකු ඇඳුම් ඇඳගෙන සිටීමෙන් වැඩක්‌ නැත. ඒ නිසා ඔහු යට ඇඳුම පිටින් සිටි බව තීන්දු කරන ලදි. දැන් ඔහුට නමක්‌ අවශ්‍යය. ඔහුට නම් තැබීම සඳහා දෛවඥයෙක්‌ හමු වී සුබ අකුරු සොයා ගණ පිහිටුවීමේ අවශ්‍යතාවක්‌ නැත. ඒ අනුව "ගී්‍රස්‌ යකා" යනුවෙන් ඔහු හඳුන්වන ලදි. ගණ පිහිටුවා තබන ලද නමකටත් වඩා මේ නම ප්‍රචලිත විය. අන්තිමේදී රෑපානේ මහපාරේ යමින් සිටි අහිංසක මිනිසුන් විශාල ප්‍රමාණයක්‌ ගී්‍රස්‌ යකුන් ලෙස හඳුනාගෙන පහරදීමට මේ ධීර වීර ජාතිය උත්සුක වූහ. මෙසේ ගුටි කා බරපතළ තුවාල ලැබූ අහිංසක මිනිසුන් දෙදෙනකු විසින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ පෙත්සම් දෙකක්‌ අදටත් අධිකරණය ඉදිරියේ තිබේ.

ගී්‍රස්‌ යකා යනු කිසියම් ත්‍රාසයක්‌, භීතියක්‌ හෝ උත්ප්‍රාසයක්‌ ලබා ගැනීම සඳහා සාමාන්‍ය ජනතාව විසින් නිර්මාණය කෙරුණු මානසික මට්‌ටමකි. බලන්aගොඩ පාසලකින් පටන්ගෙන රටේ වෙනත් පාසල් කිහිපයක්‌ පුරා පැතිර ගිය "ඇඟ කැසිල්ල" ඇතුළු වෙනත් අසාත්මිකතා සම්බන්ධ රෝගය ද මානසික මට්‌ටමක්‌ ලෙස නිර්වචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උත්සාහ කරන බව පෙනෙයි. ගී්‍රස්‌ යකා නමැති රෝගය වැඩිහිටි රෝගයකි. එහෙත් ඇඟ කැසිල්ල ළමා රෝගයකි. මෙය අර්ථකථනය කිරීමේදී වැඩිහිටියන් සම්බන්ධයෙන් ගනුදෙනු කළ ආකාරයට කටයුතු කිරීමට බැරිය. ළමයා බොරුවක්‌ කියන්නේය යන පදනමෙහි පිහිටා කටයුතු කළද, ඒ අතර සෞඛ්‍ය බලධාරීන් විධිමත් පරීක්‍ෂණයක්‌ කළ යුතුය. මේ සිද්ධියේදී ඇඟ කසන්නට පටන්ගත් විට සම මත පලු ද මතු විය. එයද මානසික හේතුවක්‌ ලෙස නිර්වචනය කළ හැකිය. මෙයට උදාහරණයක්‌ තිබේ. ගැබ් නොගන්නා කාන්තාවෝ සමහර විට ගර්භණී කාන්තාවකගේ බාහිර ලක්‍ෂණ පහළ කරති. ඔවුනට නිතර වමනය යයි. කටට කෙළ උණයි. ආහාර අප්‍රිය වෙයි. සමහර විට ඔවුන්ගේ ගැබ ද විශාලවෙයි. මෙය ව්‍යාජ ගර්භ තත්ත්වයක්‌ හෙවත් ෙaකිe ඡරුටබ්බජහ ලෙස හඳුන්වනු ලැබේ. අවසානයේදී දරු ප්‍රසූතියක්‌ සිදු නොවෙයි. ගබ්සාවක්‌ ද සිදුවී නැත.

එහෙත් ළමයකුගේ සම මත හටගන්නා රෝග තත්ත්වයකට මෙතරම් සිල්ලර ලෙස අර්ථකථන දිය නොහැක. මෙබඳු අසාත්මික තත්ත්වයක්‌ ඇති කිරීමට කාලගුණික විපර්යාසවලට පුළුවන. ගෙන්දගම් හෙවත් සල්µර්, සයනයිඩ් ආසනික්‌ වැනි විෂ සහිත ද්‍රව්‍ය අංශු මාත්‍ර ප්‍රමාණවලින් වායුගෝලයට එකතු වූ විටද එවැනි අසාත්මික තත්ත්ව හට ගනී. මෙබඳු රෝගයක්‌ ඇති කිරීමට මල් පරාගවලට හෝ මල් රේණුවලට පුළුවන. විශේෂිත පැළෑටියක්‌ පිසගෙන යන සුළං දහරාවන්ට පුළුවන. මේ ලෝකයේ සිදුවිය නොහැක්‌කේ කුමක්‌ද? ඕනෑම දෙයක්‌ සිදුවිය හැකිය.

ඕනෑම හානිකර තත්ත්වයකදී "ඌට පිස්‌සු" කියා ගැලවීමේ ක්‍රමවේදයක්‌ ලෝකයේ තිබේ. තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන මිනිහා බලධාරින්ට පිස්‌සෙකි. නිතර ලිංගික අපහරණයකට ලක්‌වන කාන්තාවක හෝ පිරිමි ළමයකු "පිස්‌සකු" ලෙස නම් කර ප්‍රශ්නයෙන් ගැලවීමට පුළුවන. එහෙත් මේ ඌට පිස්‌සු ක්‍රමවේදය හැමදාම හැම තැනකටම නොගැලපේ. ගැලපෙන තැනදී පමණක්‌ එය පාවිච්චි කරමු. නොගැළපෙන තැනදී අවශ්‍ය විද්‍යාත්මක පරීක්‍ෂණවලට එළැඹෙමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.