මුම්බායි ප්‍රහාරයට සම්බන්ධ අඡ්මාල් කසාබ්ව එල්ලා මරා දමයි

2008 වසරේදී මුම්බායි ප්‍රහාරයට වගකිව යුතු පකිස්‌ථාන් ජාතික අඡ්මාල් කසාබ් යුනේ බන්ධනාගාරයේදී එල්ලා මරා දමා ඇත. කසාබ්ව මරා දැමූ බවට වාර්තාවීමත් සමගම භාරතීය ජනතා පක්‍ෂයේ ආධාරකරුවෝ ප්‍රීති ඝෝෂා කර තිබේ. මුම්බායි ප්‍රහාරය නිසා ජීවිතක්‍ෂයට පත් වූ පිරිස වෙනුවෙන් යුක්‌තිය ඉටු වු බව ඉන්දීය ස්‌වදේශ ඇමැති සුසිල් කුමාර් පැවසීය.

මෙම ප්‍රහාරයට සම්බන්ධ කසාබ් නැමැත්තා පකිස්‌ථාන් ලක්‌ෂාර් මයිටා කණ්‌ඩායමේ සාමාජිකයෙකි. එල්ලා මරාදැමීමට පෙර ඔහු අසහනයෙන් සිටි බව බන්ධනාගාර නිලධාරීහු පවසති. කසාබ්ට එල්ලා මරා දැමීම රහසිගතව සිදු වූ අතර පැයකට පසු ඒ බව නිවේදනය කර ඇත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.