2012 නොවැම්බර් 23 සිකුරාදා

 

 

    Advertising Rates
    Subscription Rates
    Circulation
    ADVERTISING
    RATES
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster

දෝෂාභියෝග චෝදනා විභාගයෙන් වැළකීම සුදුසුයි
- ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එල්ල වී ඇති දෝෂාභියෝග චෝදනා පාර්ලි මේන්තු තේරීම් කමිටුවක්‌ හමුවේ විභාග කිරීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා වට අනුකූල දැයි තීරණයක්‌ කරන තෙක්‌ ඇයට එරෙහිව චෝදනා විභාග කිරීමෙන් වැළකීම වඩා සුදුසු යෑයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) නියෝග කළේය.


ඕපනායක නායයැමකින් ජීවිත බේරෙයි

ඊයේ (22 දා) සවස තුනේ සිට පැය දෙකක්‌ පමණ තිස්‌සේ ඇදහැලුන වර්ෂාව හේතුවෙන් මෙම නායයැම සිදුව ඇත. නාය යන මොහොතේ නිවසේ කිසිවකුත් නොසිටි අතර පවුලේ මංගල කටයුත්තක්‌ සඳහා බැහැරව ගොස්‌ තිබිණි.


ශ්‍රී ලාංකික පෙම්වතිය විවාහ කර ගැනීමට ඉන්දීය මේජර්ට අවසර ලැබේ

බැංගලෝරයේ ඉගෙනුම ලබන රනමලී ගුණරත්න ඉන්දීය මේජර්වරයා හා විවාහවීමට එකඟවු වත් සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය වෙනස්‌ කිරීමට එකඟවූවේ නැත.

ලක්‍ෂ 150ක රට සල්ලි ඉන්දියානුවන් තිදෙනාගේ අධෝ මාර්ගයේ

රේගු අධ්‍යක්‍ෂ තිලක්‌ පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි රේගු අධිකාරි එස්‌. පී. බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.

"සුප්‍රීම් සැට්‌" අභ්‍යවකාශ
ගත කිරීම කල් යයි

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අභ්‍යවකාශගත කිරීම කල් දැමූ බව සුප්‍රීම් සැට්‌ චන්ද්‍රිකාවේ සම අයිතිකරුවන් වන සුප්‍රීම් සැට්‌ චන්ද්‍රිකා සමාගම පවසයි.

හම්බෙගමුවේ පස්‌ හැවිරිදි දරුවෙක්‌ වැසිකිළි වළකට වැටී මරු දකී

නිවසේ සෙල්ලම් කරමින් සිටි අයියාත් අක්‌කාත් මල්ලී අම්මා සමග කඩේ යන්නට ඇතැයි විශ්වාස කර ඇත.


ආරක්‍ෂක ලේකම්ට කෝටි 25 ක්‌ වන්දි ගෙවීමට
"සන්ඩේ ලීඩර්" ආයතනයට නියෝග

"මිග්" ගුවන් යානා ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් 2008 වසරේ සන් ඩේ ලීඩර් පුවත්පතේ කලාප 3 ක පළමු ලිපිවලින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපහාසයක්‌ සිදුවී ඇති බවත් ....

දුම්පානයෙන් මියයන සංඛ්‍යාව ඉහළ යැම නිසා නව නීතිය පැනවූවා
- සෞඛ්‍ය අමාත්‍යාංශය

මුඛ පිළිකාවන්ට ගොදුරු වීමෙන් දිනකට මෙරට පුද්ගලයන් දෙදෙ නකුවත් මරණයට පත් වන බව අනාවරණය වී ඇති අතර ඔවුන් ගෙන් සියයට 70 ක්‌ම ඊට ගොදුරුවනුයේ දුම්බීම හේතුවෙන් බව අමාත්‍යාංශය කියයි.

අයහපත් කාලගුණයෙන් අකුණු අවදානම ඉහළට

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අකුණු අනතුරු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එස්‌. එච්. කාරියවසම් මහතා පැවැසීය.

මොරටුවෙන් ඉංජිනේරුවන් වී රට ගිය 300 කගෙන් යළි පැමිණ ඇත්තේ දෙදෙනකු පමණයි
- ඇමැති පාඨලී චම්පික රණවක

එක වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යා පනය අවසන් වනතුරු නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන මේ රටේ උපාධිධාරියකු බිහිකිරීමට රුපියල් හත් ලක්‍ෂයක පමණ මුදලක්‌ රජයට වැයවෙනවා.

රෝහල් අධ්‍යක්‍ෂකට මරණ තර්ජනය කළ සැකකරු වන් අල්ලන්නැයි කරාපිටිය රෝහල් වෛද්‍යවරුන් අද පෙරවරුවේ වැඩ වැරුමක

රෝහල් අධ්‍යක්‍ෂවරයාට පීඩනයකින් තොරව රාජකාරි කරගෙන යැම සඳහා ඒ මහතාගේ නිවසට හා ඒ මහතාට සන්නද්ධ පොලිස්‌ නිලධාරීන්ගේ ආරක්‍ෂාව ලබාදිය යුතු බවද වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා අවධාරණය කළේය.

අධිකරණයේ හා ව්‍යවස්‌ථාදායකයේ "ගැටුමට" වඩා
නිවසේ ආදායමේ හා වියදමේ ගැටුම බලවත්

- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

අවි ආයුධ ගෙන යුද්ධයකට නොගොස්‌ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ රාමුව යටතේ මේ "රෙජිමයේ" මර්දනයට එරෙහිව ජනතාව ඒකරාශී කිරීම මේ මහජන මන්ත්‍රණ සභාව සිදුකරමින් සිටිනවා" ඊට අපේ උපරිම සහයෝගය ලබාදෙනවා.

ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයක්‌ අතර මැදදී
ඇමැති ෆීලික්‌ස්‌ ඇදවැටෙයි

ඒ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්‌ හා පාර්ලිමේන්තු සේවකයන් දිවවිත් ෆීලික්‌ස්‌ පෙරේරා මහතා ඔසවන අයුරුත් පසුව ඒ මහතා සභා ගැබෙන් පිටතට කැඳවාගෙන යන අයුරුත් දක්‌නට ලැබිණි.

සිරිපුර විසාලාවක්‌! හැම ගෙදරකම වකුගඩු රෝගීහු

සේවා ජනපදයේ සමදරාගේ නිවසේ සමදරාට සහ ඇයගේ දරුවන් දෙදෙනාටම වකුගඩු රෝගය සෑදී ඇත. නුගරුක්‌ගම රංජනීගේ නිවසේ රංජනීට සහ ඇයගේ සැමියාට වකුගඩු රෝගය සෑදී ඇත.

කොළඹ ඩෙංගු මඩින්න ඇති උනන්දුව අනුරාධපුරේ වකුගඩු රෝගීන් ගැන නැහැ

අද සායනයෙන් බෙහෙත් ගත් වකුගඩු රෝගියා ඊළඟ දවසේ සායනයට යනවිට දකින්නට නෑ. සොයා බලනවිට මරණයට පත්වී ඇති බව දැන ගන්න ලැබෙනවා.

උඩවලව, වත්තල හා මීගලෑවේ සිසුහු 140ක්‌ ඊයේ රෝහල් යති

අසාත්මික තත්ත්වයක්‌ හේතුවෙන් ඇඹිලිපිටිය - උඩ වලව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සිව් දෙනකු ද මහව මීගලෑව ප්‍රාථමික විදුහලේ කුඩා සිසුන් 80 දෙනකු ද වත්තල මාබෝල සාන්ත මරිය විදුහලේ සිසු සිසුවියන් 56 දෙනකු ද ඊයේ  රෝහල් ගත කෙරිණි.


රට හුණු ඉරක්‌ දිගේ, ඇතිමලේ විදුහලේ දරුවෝ පාර මාරු වෙති


මෙම විද්‍යාලයේ දරු දැරියන් අටසියයකට අධික පිරිසක්‌ අධ්‍යාපනය ලබන අතර, මොවුනගේ ආරක්‍ෂාව සඳහා එම විද්‍යාලයේ රිය නියාමක කණ්‌ඩායමක්‌ විසින් මෙම උපක්‍රමය භාවිත කර තිබේ.


අත්‍යවශ්‍ය ඖෂධ 180 ක්‌ රට පුරා හිඟයි

ඔසු සලෙන් ඔසු සලට හිඟව පවතින බෙහෙත් වර්ග සංඛ්‍යාව වෙනස්‌වීම නිසා හිඟව පවතින බෙහෙත් වර්ග සංඛ්‍යාව 180 ට වඩා වැඩි විය හැකි බවද ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.


සිගරැට්‌ පැකට්‌ටුව මත රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය ඇම තිවරයා පැනවූ නියෝගය අභි යෝගයට ලක්‌කරමින් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සමාගමක්‌ විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (22 දා) සලකා බැලිණි. පෙත්සම් විභාගය දෙසැම්බර් මස 05 දාට කල් තැබීමෙන් අනතුරුව ජාතික සවිය සම්මේලනයේ නියෝජිත යින් සමග ජාතික දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේ කා මහතා අධිකරණයෙන් නික්‌ම ගිය අයුරු ද සෞඛ්‍ය ඇමැතිවර යාගේ නියෝගයට සහය දක්‌ව මින් ගිහි පැවිදි පිරිසක්‌ අධිකර ණය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අයුරු ද මෙහි දැක්‌වේ. ඡායාරූප - කමල් බෝගොඩ

ඩෙංගු, මැලේරියා මදුරු පාලනයට ජාන තාක්‍ෂණය

දැනටමත් බ්‍රසීලයේ මෙම ජාන තාක්‍ෂණයෙන් නිපදවූ මදුරුවන් හරහා ඩෙංගු රෝගය පැතිරීමට හේතු වන ඊඩිස්‌ ඊජිප්ටයි මදුරු ගහනය මාස 6 ක කාලයක්‌ ඇතුළතදී සියයට 90 කින් අඩු කර ගැනීමට හැකිව තිබේ.

පාර්ලිමේන්තුව (23)
සෞඛ්‍ය සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා
ඉදිරි වසර පහ වෙනු වෙන් ජාතික සෞඛ්‍ය සැලසුමක්‌
- සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන

අය-වැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්‌ථා විවාදයට ගත් අවස්‌ථාවේදී ඇමැතිවරයා එසේ කීය.

මධ්‍යම පරිසර අධිකාරි යේ නව සභාපති විමල් රූබසිංහ

රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන හෙතෙම රාජ්‍ය සේවයේ වසර 42 ක අත්දැකීම් ඇත්තෙකි.

රටේ ඇතිවන අපරාධ මඩින්න බැරි දේශපාලන ඇඟිලි ගැසීම් නිසයි
- කරු ජයසූරිය

ඉදිරි සති කිහිපය තුළ කොළ ඹ හා නුවර නගරවලදී කාර් රේස්‌ පැවැත්වීමට වැලි කොට්‌ ට දමා ජනතාවට අපහසුතා ඇති කරමින් පාරවල් වසා ජෝගී නටන්නට සැලසුම් කර ඇතැයි හෙළිවෙනවා

විදේශිකයා බේරා ගන්න මුහුදට ගිය ශ්‍රී ලාංකික තරුණයා මියයයි

දියනාමින් සිටි විදේශීය සංචාරකයා එක්‌වරම දිය වැලට හසුවී ගසාගෙන යද්දී උදව් ඉල්ලා දැත් ඔසවා කෑගසා ඇත. එහිදී තරුණයා වහා මුහුදට පැන පීනාගොස්‌ ජීවිතාරක්‍ෂක බොයාවක්‌ දී විදේශිකයාගේ දිවි ගලවා ගෙන ඇති නමුත් ඔහුට දිවි ගලවාගැනීමට නොහැකිවී ඇත.

චීනයේදී ලක්‍ෂ 140ක්‌ වූ මැෂිම ලංකාවට
එද්දී 560ක්‌ වුණේ කොහොමද?

- පොස්‌පේට්‌ සේවකයෝ මාධ්‍යයට පවසති

එප්පාවල පොස්‌පේට්‌ කන්දේ ගල් කුඩු කරන්නේ අපි. මුදල් උපයන්නේ අපි. නමුත් ඉහළ කළමනාකරණයේ අය කෝටි ගණන් වටිනා වාහන පොස්‌පේට්‌ මුදලින් ලබා ගෙන කොළඹ කන්තෝරු වක්‌ දාගෙන. 15 ක්‌ 20 ක්‌ එහි රැඳී සිටිමින් අප උපයන පොස්‌පේට්‌ මුදල් නාස්‌ති කරන්නේ ඇයි?

  • අය-වැයෙහි ගුණ දොස්‌

    අය-වැය තුළින් ජනතාව ඇඟට දැනිය යුතු වෙනසක්‌ අපේක්‍ෂා කළ ද එහි අන්තර්ගතය තුළින් ජනතාවට දැනෙන වෙනසක්‌ වී ඇතිද යන්න පිළිබඳ සැකයක්‌ මතුවේ.

  • ජගත් මලල ක්‍රීඩා සම්මේලන
    'ස්‌වර්ණ ජයන්ති' උපන් දින උළෙල අද

    ස්‌වීඩනයේ ස්‌ටොක්‌ හෝම් නගරය කේන්ද්‍ර කොටගෙන 1912 වසරේ ජූලි 17 දා ජාත්‍යන්තර මලල ක්‍රීඩා ම්මේලනය ස්‌ථාපිත කරන ලද අතර ඒ අනුව 'ජගත් මලල ක්‍රීඩා ස්‌වර්ණ ජයන්තිය' නිමිත්තෙන් අද (23 දා) ස්‌පාඤ්ඤයේ බාසිලෝනා අගනුවරදී සුවිශේෂ සැමරුම් උළෙලක්‌ සංවිධානය කොට ඇත.


 

Kapruka Shopping |  News
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.