දුම්පානයෙන් මියයන සංඛ්‍යාව
ඉහළ යැම නිසා නව නීතිය පැනවූවා

- සෞඛ්‍ය අමාත්‍යාංශය

දුම්කොළ ඇසුරුම් නිෂ්පාදනයන් මත රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට අදාළ ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන ලද්දේ දුම්පානය හේතුවෙන් මුඛ පිළිsකාවන්, හෘදයාබාධයන්, ආඝාතය (ස්‌ට්‍රොaක්‌) යන රෝගවලට ගොදුරුව මිය යන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යැම නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.

මුඛ පිළිකාවන්ට ගොදුරු වීමෙන් දිනකට මෙරට පුද්ගලයන් දෙදෙනකුවත් මරණයට පත් වන බව අනාවරණය වී ඇති අතර ඔවුන්ගෙන් සියයට 70 ක්‌ම ඊට ගොදුරුවනුයේ දුම්බීම හේතුවෙන් බව අමාත්‍යාංශය කියයි. දිනකට සෘජුව හෝ වක්‍රම දුම් පානය කරනු ලබන 150 දෙනකු හෘදයාබාධවලට ලක්‌වීමෙන්ද 40-50 අතර සංඛ්‍යාවක්‌ ආඝාතයට ලක්‌වීමෙන්ද මිය යන බව හෙළිවී තිබේ. දුම්කොළ අලෙවියෙන් ලැබෙන බදු මුදල්වලින් සුළු ප්‍රමාණයක්‌ ජාතික ආදායමට ලැබුණද වාර්ෂිකව සෞඛ්‍යයට අයවැයෙන් වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලින් සියයට 22 ක්‌ම වැය කෙරෙනුයේ දුම් පානය නිසා වැළඳෙන රෝගවට ප්‍රතිකාර කිරීමට බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.