ඩෙංගු, මැලේරියා මදුරු පාලනයට ජාන තාක්‍ෂණය

ඒමන්ති මාරඹේ

දැනට ලොව දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් ගණනාවක්‌ විසින් සාර්ථක අන්දමින් අත්හදා බලා ඇති ජාන තාක්‍ෂණය යටතේ බෝ කරනු ලබන මදුරුවන් හරහා මෙරට ඩෙංගු හා මැලේරියා මදුරුවන් බෝවීම පාලනය කිරීමට ජාතික මැලේරියා මර්දන වැඩසටහන තීරණය කර තිබේ.

මැලේරියා මර්දන වැඩසටහනෙහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් දෙනියගේ මහතාට අනුව මෙම නව මදුරු මර්දන ක්‍රමවේදය මෙරට ක්‍රියාත්මක කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන මසදී ඇරැඹීමට නියමිතය. මෙම ක්‍රමවේදය යටතේ කම්හලක බෝ කරනු ලබන මදුරුවන් විශාල සංඛ්‍යාවක්‌ කෝබෝල්ට්‌ යන්ත්‍ර අනුසාරයෙන් ලබා දෙන විකිරණ හරහා මදුරු කීටයින් උපත ලැබීමට පෙරම මරා දැමීම සිදු වේ.

මෙම ක්‍රමය අඛණ්‌ඩව වසර ගණනාවක්‌ ක්‍රියාත්මක කිරීමෙන් මදුරුවන්ගේ ගහනය අඩු කර ගත හැකි බව බටහිර රටවල සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

දැනටමත් බ්‍රසීලයේ මෙම ජාන තාක්‍ෂණයෙන් නිපදවූ මදුරුවන් හරහා ඩෙංගු රෝගය පැතිරීමට හේතු වන ඊඩිස්‌ ඊජිප්ටයි මදුරු ගහනය මාස 6 ක කාලයක්‌ ඇතුළතදී සියයට 90 කින් අඩු කර ගැනීමට හැකිව තිබේ. බ්‍රසීලයේ මෙම මදුරුවන් බෝ කිරීම සඳහා අරඹා ඇති කර්මාන්ත ශාලාවක්‌ හරහා වසරකට මිලියන 4 ක පමණ මදුරුවන් ප්‍රමාණයක්‌ බෝ කිරීමට කටයුතු යොදා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.