සෞඛ්‍ය සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා
ඉදිරි වසර පහ වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සැලසුමක්‌

- සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන

අජිත් අලහකෝන්, - අකිත පෙරේරා

සෞඛ්‍ය සේවාව වඩාත් විධිමත් කිරීම සඳහා ඉදිරි වසර පහ වෙනුවෙන් ජාතික සෞඛ්‍ය සැලසුමක්‌ ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

අය-වැය විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්‌ථා විවාදයට ගත් අවස්‌ථාවේදී ඇමැතිවරයා එසේ කීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (22 දා) පෙරවරු 9.30 ට රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ ලිපි ලේඛන ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ. අනතුරුව අය-වැය විසර්ජන පනත කාරක සභා අවස්‌ථාවේ විවාදය හතර වැනි දිනටත් ඇරැඹිණි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය පිළිබඳ විවාදය අනතුරුව පැවැත්විණි. විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීනි (එ.ජා.ප.) රෝසි සේනානායක මහත්මිය මෙසේ කීවාය.

රටේ දිනපතා කාන්තා මරණ, දැරියන් දූෂණ කිරීම් පුවත්පත් ඔස්‌සේ දකිනවා. මේවාට හේතුව දුප්පත්කම. සමහරු රුපියල් දහසටත් මිනිස්‌සු මරනවා. එවන් අශීලාචාර තත්ත්වයකට රට පත්වෙලා. ආර්ථික දියුණුවත් සමග සමාජයේ සතුට රටක සංවර්ධනය මනින සාධකයක්‌. රට අගාධයට යනවා. සාරධර්ම පිරිහෙමින් පවතිනවා. කාන්තාවගේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු කළ යුතුයි. තීරණ ගැනීමේ ස්‌ථානවල කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. අද කාන්තාවන් වෙනුවෙන් අයවැයෙන් වෙන් කර තිබෙන්නේ සියයට බින්දුවයි දශම බින්දුවයි අටයි. රුපියල් මිලියන 109 යි. රුපියල් මිලියන 109 කින් මොනවද කළ හැක්‌කේ. අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වය දක්‌වන්නේ කාන්තාවන්. මම නෙවෙයි කියන්නේ මහින්ද චින්තනයේයි සඳහන් වන්නේ. ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් ප්‍රමාණය සියයට 23.2 ක්‌. ඉන් සියයට 17 ක්‌ ම ගෘහමූලිකත්වය දරන්නේ අඩු වයසේ කාන්තාවන්. අද මේ උත්තරීතර සභාවේ ආසන 225 න් කාන්තාවෝ ඉන්නේ දහතුනයි. මුස්‌ලිම් මන්ත්‍රීවරියන් නැහැ. දමිළ මන්ත්‍රීවරියක්‌ විතරයි ඉන්නේ. කාන්තා අමාත්‍යාංශයේ ඇමැතිත්, නියෝජ්‍ය ඇමැතිත් පිරිමි. ආණ්‌ඩුවේ කාන්තා මන්ත්‍රීවරියන් සිටිනවා. අඩුම ගානේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීතුමියට නියෝජ්‍ය ඇමැති ධුරය දෙන්න තිබුණා. ඇය වෛද්‍යවරියක්‌.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්‌බුල්ලාහ් මහතා -

ජනාධිපතිතුමා ළමයින් හා කාන්තාවන් උදෙසා වෙනම අමාත්‍යාංශයක්‌ පිහිටුනු ලැබුවා. මේ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් අඩුයි කියා රෝසි සේනානායක මන්ත්‍රීතුමිය චෝදනා කළා. සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ සේවා, ආර්ථික සංවර්ධන යන අමාත්‍යාංශයත් කාන්තා හා ළමා සුව සාධනයට මුදල් වෙන් කරනවා. මෙරට කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය, ළමා අපචාර වැඩි බව අපි පිළිගන්නවා. පසුගිය අවුරුදු තිහක්‌ රටේ පැවැති යුද්ධය නිසා මේ ප්‍රචණ්‌ඩ ක්‍රියා හෙළිවුණේ නෑ.

රටම යුද්ධය කෙරෙහි අවධානය යොමු කළා. අද යුද්ධය අවසන්. සාමය ඇතිවූ පසු රටේ සෑම තැනකම පොලිස්‌ ස්‌ථාන ස්‌ථාපිත කර තිබෙනවා.

රත්නපුර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීනි (එ.ජා.ප.) තලතා අතුකෝරළ මහත්මිය -

රටේ ජනගහනයෙන් අඩකටත් වැඩිය කාන්තාවෝ සිටිද්දී කාන්තා අමාත්‍යාංශය සම්බන්ධව මේ සභාවෙහි කතාකරන්න කීදෙනෙක්‌ ඉන්නවාද?

ඒ. එච්. එම්. අස්‌වර් මහතා නැගී සිට රීති ප්‍රශ්නයක්‌ මතුකරයි.

නියෝජ්‍ය කථානායක - ඒක රීති ප්‍රශ්නයක්‌ නොවේ.

තලතා අතුකෝරළ මහත්මිය -

නියෝජ්‍ය කථානායකතුමනි. මේ ගැන ඔබතුමා තීරණයක්‌ ගත යුතුයි. විශේෂයෙන්ම අප වැනි කාන්තාවෝ මේ සභාවේදී කතාකරද්දී මෙතුමාගේ හිංසනයට අප ලක්‌වෙනවා. මගේ දිස්‌ත්‍රික්‌කයේ කාන්තාවන් ඝාතනය කිරීම ප්‍රසිද්ධයි. ඇයි කාන්තාවන් මේ විදිහට ඝාතනය වන්නේ. කාන්තාවන් පිළිබඳ ක්‍රියාත්මක වන නීතියේ යම් යම් හිස්‌තැන් ඇත්නම් කාන්තාවන් හා ළමයින් උදෙසා ඒ හිස්‌ තැන් පිරවිය යුතුයි.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීනි (එජනිස) උපේක්‍ෂා ස්‌වර්ණමාලි මහත්මිය -

වාර්තා නොවූ අපචාර සංඛ්‍යාව විසිදහසක්‌ විතර ඇති. මෙම සිදුවීම් ප්‍රසිද්ධවීමෙන් ජනතාව ළිඳේ ඉන්න ගෙම්බාගේ තත්ත්වයෙන් මිදෙනවා. හිංසනයට ලක්‌වූ පාර්ශ්වයන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කරනවාට වඩා අපරාධකරුවන්ට ලබාදෙන දඬුවම මාධ්‍ය

 

 

තුමාගේ පළාතටත් නෑ... නියෝජ්‍ය ඇමැතිතුමා ලැජ්ජයි මෙතැන ඇවිත් ඉඳගෙන ඉන්නවා. සියයට අනූවක්‌ ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ අනුමාන කරලා. කියුබාවෙන් බීටීඅයි ගෙනැවිත් ඉහිනවා කිව්වා. අපි දන්නෑ ඉස්‌සාද කියලා. මහමෝදර රෝහලේ දරුවෝ මියගියේ බාල ඖෂධ නිසා කියලා වාර්තාව සඳහන් කරනවා. සොයිසා රෝහලේ අම්මලා හත් දෙනෙක්‌ මියගියා මෙනින්ජයිටීස්‌ හැදිලා. (බෝතලයක්‌ පෙන්වමින්) මම බඩේ අමාරුවකට ග්‍රයිµaවෝටර් බෝතලයක්‌ ගත්තා බලන්න ඒකේ මුරිච්චියක්‌ තියෙනවා.

ආණ්‌ඩු පක්‌ෂය - ගෙදරදි දාලා.

ජයසේකර මහතා - නෑ... නෑ.... මේක කඩලත් නෑ.

නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා රිතී ප්‍රශ්නයක්‌ මතුකරයි.

ජයසේකර මහතා - නෑ.... නෑ.... මම මේක ගෙනාවේ බඩේ අමාරුවට. 2014 දී කල් ඉකුත් වෙනවා කියා ගහලා තියෙනවා. 2014 දී මේක බිව්වානම් පුංචි ළමයින්ට පිට ගැස්‌ම හැදෙනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජනිස) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - මටත් අහන්න තියෙන්නේ සියඹලා ගෙනාවෙම නැද්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැපවීම නිසා අද බෝ නොවන රෝග වලින් මියයන පිරිස පාලනය වෙලා. ඩෙංගු රෝගීන් විශාල ලෙස වාර්තා වුණත් මරණ ප්‍රමාණය අඩුවෙලා. අද 3775 ක්‌ රෝහල් තියෙනවා. ඇමැතිතුමාට ඕනෑ විදිහට පත්වීම් දෙන්න බෑ. ඒවාට කාලයක්‌ යනවා.

මාතර දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී (එජාප) බුද්ධික පතිරණ මහතා -

අයවැයෙන් ඉතාම අඩු මුදලක්‌ වෙන් වන අමාත්‍යාංශය තමයි දේශීය වෛද්‍ය අමාත්‍යාංශය. කරාපිටිය රෝහලේ අධ්‍යක්‌ෂ ෂෙල්ටන් පෙරේරා මහතාට හා ඔහුගේ පවුලේ අයට මරණ තර්ජන එල්ල වෙනවා. ඔහු දූෂණයට එරෙහි කෙනෙක්‌ නිසයි මේ තර්ජන එල්ල වෙන්නේ.

යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සිල්වෙස්‌ටර් ඇලන්ටින් මහතා (එජනිස) -

යාපනයේ රෝහල්වල පිරිස්‌ බලය ඉතාම අඩුයි. එනිසා ඒ රෝහල්වල කාර්යක්‌ෂමතාව පිළිබඳ ප්‍රශ්න මතුවෙලා. මේ රෝහල්වල විශාල පුරප්පාඩු සංඛ්‍යාවක්‌ පවතිනවා.

කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වයි. ජී. පද්මසිරි මහතා (එජනිස) -

මෙවර අයවැයෙන් සෞඛ්‍ය සේවාවට වැඩිම මුදලක්‌ වෙන්කර තිබෙනවා. අපේ ප්‍රදේශයේ දේශීය වෙදකම ලබාගැනීමට අපහසු වී තිබෙනවා. එනිසා මධ්‍යම බෙහෙත් ශාලාවක්‌ ලබාදෙන ලෙස ඉල්ලනවා.

පත්කළ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා (එජාප) -

අප රටේ මානසික රෝගීන් ප්‍රමාණයක්‌ සිටිනවා. ඒ රෝගීන් ගැන අවධානය යොමු කරනවා අඩුයි. දේශපාලනඥයින් විවිධ රෝගීන්ව බලන්න යනවා. පත්තරවල ෙµdටෝත් යනවා. ඒත් මානසික රෝගීන් බලන්න යනවා නම් අපි දැකලා නැහැ. මීට වඩා මේ රෝගීන් ගැන සොයා බැලිය යුතුයි.

බදුල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර මහතා (එජනිස) -

මෙවර අයවැය සෞඛ්‍ය සේවයට අනුබද්ධව ඉදිරිපත් කළ අයවැයක්‌ බව කිව යුතුයි. අද වන විට අපේ උපතේදී සිදුවන මරණ අනුපාතය අඩුවෙලා. ආයුෂ වයස අවුරුදු 75-80 දක්‌වා වැඩිවෙලා තිබෙනවා. ඒ වගේම මා කිව යුතුයි. මාතෘ මරණ ගැන සිදුවන විමර්ශන නැවතිලා. ඒ සම්බන්ධව කටයුතු කරන අය ඉන් ඉවත්වෙලා තිබෙනවා. ඒ ගැන ඇමැතිතුමා අවධානය යොමු කළ යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී නෙරන්ජන් වික්‍රමසිංහ මහතා (එජනිස) -

අද සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වර්ධනය සඳහා විශාල වැඩ කොටසක්‌ සිදුවෙලා තිබෙනවා. ඒ ගැන අපි කවුරුත් පිළිගත යුතුයි. 2013 අයවැය කතා වෙනුවෙන් රුපියල් බිලියන 125 ක්‌ වෙන් කරලා තිබෙන්නේ. විපක්‌ෂය ඒ මුදල් ප්‍රමාණය ගැන නොවෙයි ප්‍රතිශතයක්‌ ගැනයි කතා කළේ එය අසාධාරණයි. සෞඛ්‍ය සඳහා වෙන්කරනු ලබන මුදල් සෑම වර්ෂයකම වැඩිකර තිබෙන බව කිව යුතුයි.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී අශෝක අබේසිංහ (එජාප) -

එක්‌සත් ජාතික පක්‌ෂයෙන් මාව නෙරපීමට උත්සාහ දරන වෙලාවක මට කාලය දුන් වසන්ත අලුවිහාරේ මහතාට ස්‌තුතිය පුදකරනවා. ලංකාවේ රසායනාගාර විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒවා නිගමනය කළොත් ඉතා හොඳයි. බෙහෙත් මෙවැනි තත්ත්වයන්ට පත්වන්නේ ප්‍රවාහනය සහ ගබඩා කිරීමේදීයි. බෙහෙත් ශාලා වායු සමීකරණය කළ යුතුයි කියා නීති ගෙන ආවා. ඒත් නුගේගොඩ ඔසුසල තවම වායු සමීකරණය කර නෑ. දුම්රියෙන් බෙහෙත් ප්‍රවාහනය කරනවා.

දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා -

ඩෙංගු රෝගය සම්බන්ධව අම්බලන්ගොඩ තරංගා වික්‍රමසූරිය මහත්මිය ඖෂධයක්‌ සොයාගෙන සියයට සියයක්‌ සාර්ථක කර තිබෙනවා. එතුමියගේ පියා පාරම්පරික විෂ වෛද්‍යවරයෙක්‌. එතුමිය මේ වෙද්දී ඒඩ්ස්‌ රෝගය සඳහා ඖෂධයක්‌ පර්යේෂණය කරමින් සිටිනවා.

පාර්ලිමේන්තුව අද (23 දා) පෙරවරු 9.30 ට රැස්‌වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.