ප්‍රාථමික සිසු දරු දැරියන්ගේ
අසාත්මිකතාවයට හේතුව බිය හා චකිතය

උපාලි ද සේරම්

පාසල් කිහිපයක ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇතිවූ අසාත්මිකතාවයට හේතුව මෙම දරුවන් තුළ ඇතිවූ බිය සහ චකිතය බව මේ පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව සිය සමීක්‌ෂණ මගින් අනාවරණය කරගෙන ඇත.

පාසල් කිහිපයක ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසකට ඉකුත් දිනවල ඇඟ කැසීම, වමනය යාම වැනි අසාත්මිකතා මතුවීම සම්බන්ධව සොයාබැලීම සඳහා සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂඥ වෛද්‍ය කමිටුවක්‌ පත්කර තිබිණි. එම කමිටුව කායික, මානසික, වසංගත සහ ළමා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විය. මෙලෙස පාසල් කිහිපයක ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක්‌ එක දිගට අසාත්මිකතාවලින් පෙළීමට හේතුවී ඇත්තේ පළමුව අසන්නට ලැබුණු අසාත්මිකතාවය පිළිබඳ තොරතුරු සම්බන්ධව ඔවුන් තුළ ඇතිවූ චකිතය සහ බිය නිසා බවත් මෙය රෝගයක්‌ නොව වෛද්‍ය විද්‍යාත්මක සංසිද්ධියක්‌ බවත් මෙම වෛද්‍ය කණ්‌ඩායම සිය සමීක්‌ෂණයෙන් අනාවරණය කරගත් තොරතුරුවලට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.