2012 නොවැම්බර් 26 සඳුදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Circulation
   ADVERTISING
   RATES
    Divaina Editor
    contact webmaster

මාතර රෝහලේ සිට නිවසට එමින් සිටියදී අතුරුදන් වූ වෛද්‍යවරිය සොයන්න පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌
ගුරුදෙණියෙන් ලැබුණු දුරකථන ඇමතුම ඔස්‌සේ පුළුල් පරීක්‍ෂණ

අතුරුදන්වී ඇති මාතර මහ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරිය සෙවීම සඳහා දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති චන්දන වික්‍රමරත්න මහතා විසින් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් හතරක්‌ පත්කර ඇත.

අපට තරහකාරයෝ නෑ මේ අතුරුදන්වීම පුදුමයි
සැමියා කියයි

"මගේ බිරිඳ අන්තිම වතාවට මට කතා කළේ පසුගිය සිකුරාදා සවස 6.55 ට විතර" යෑයි අතුරුදන් වූ වෛද්‍ය එරන්දි කුලතුංග මහත්මියගේ සැමියා වන පනාගොඩ හමුදා කඳවුරේ වෛද්‍ය ජනක රුවන් දයානන්ද මහතා "දිවයින" ට ඊයේ (25 දා) ප්‍රකාශ කළේය.

වැසි සහිත කාලගුණය දෙසැම්බර් මුල තෙක්‌

දිවයිනට බලපා තිබෙන වර්ෂාපතන තත්ත්වය දෙසැම්බර් මුල් සතිය දක්‌වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දමන ප්‍රදේශ රැසක පෙරේදා භූ කම්පන
දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ප්‍රදේශ රැසකට පෙරේදා (24 වැනිදා) සිට විටින් විට භූ කම්පා රැසක්‌ සිදු වූ බව එම ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති.

අම්පාරේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් සෙවූ 7ක්‌ දැලේ

අම්පාර තිරුක්‌කෝවිල් පොලිස්‌ බල ප්‍රදේශයේ ඌරකිතයි ප්‍රදේශයේ ඉපැරණි දාගැබක්‌ ඩෝසර් කර නිධන් හාරමින් සිටි ද්‍රවිඩ ජාතිකයන් 07 දෙනකු ඊයේ (25 වැනිදා) සවස එම ඩෝසර් යන්ත්‍රය සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

පාර්ලිමේන්තු රැස්‌වීම් අතරතුර
අනවශ්‍ය ලෙස රීති ප්‍රශ්න නගන මන්ත්‍රීවරු සභා ගැබෙන් ඉවත් කරනවා

පාර්ලිමේන්තු රැස්‌වීම් කටයුතු පැවැත්වෙද්දී මන්ත්‍රීවරුන් අනවශ්‍ය ලෙස රීති ප්‍රශ්න මතු කරන්නේ නම් ඔවුන්ව නම් කර සභාගැබෙන් එළියට දැමීමට තමන්ට සිදුවන බව කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (24 වැනිදා) පැවසීය.

සූරියවැව ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යටවෙයි
ඊයේ (25 දා) සහ පෙරේදා (24 දා) ඇදහැලුණු මහ වැස්‌සෙන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යට විය. සූරියවැව, වෙහෙරපැලැස්‌ස, මහගල්වැව, කපුකිනිස්‌සයාය, රන්මුදුවැව ආදී ප්‍රදේශ රැසක පවුල් ගණනාවක්‌ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වී සිටිති. ....

වීර කැප්පෙටිපොල සමරුව අද

ඉංග්‍රීසින්ගෙන් ලාංකික ජාතියට එල්ලවූ තාඩන පීඩනවලට එරෙහිව අභීත සෙන්පතියෙකු ලෙසින් සිය දිවි පිදූ මොණරවිල කැප්පෙටිපොල දිසාවගේ 194 වැනි ගුණානුස්‌මරණය අදට (26 දාට) යෙදී ඇත.

ගාල්ල, මාතර, රත්නපුර මහ වැස්‌සෙන් මරණ 6 ක්‌

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්‌ සමඟ ඇති වූ ආපදාවන්ගෙන් දින දෙකක්‌ ඇතුළත මරණ හයක්‌ සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඊයේ (25 දා) "දිවයින" ට පැවසීය.

රජය '13' ට එහා යන
වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා

- ඇමැති දේවානන්දා කියයි

මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට රජය මගින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා යන වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට කටයුතු කරගෙන යන බව සම්ප්‍රදායික කර්මාන්ත හා....

සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කරයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25 වැනිදා) තැපැල් කරන ලදී.


 
  • වම්ඉවුර
    නීති වෘත්තියේ සර්ව බලධාරි ආඥදායකත්වය

    මෙම වසරේ ලලිත් ඇතුලත්මුදලි අනුස්‌මරණ දේශනය ඉකුත් බ්‍රහස්‌පතින්දා පැවැත්විණි. ආරාධිත දේශකයා වූයේ මීට සති දෙක තුනකට පෙර අප මේ ලිපියේ උපුටා දක්‌වා ලද විනිසුරුවරුන්ගේ ආචාරධර්ම පිළිබඳව බැංගලෝර් මූලධර්ම සම්පාදනය කිරීමේ ජාත්‍යන්තර කමිටුවේ සභාපති වූ සී. ජී. වීරමන්ත්‍රී මහතාය. මෙම දේශනයේ සුවිශේෂත්වයන් දෙකක්‌ විය.
     

  


 
  • වසර 19ක්‌ පැරණි වාර්තාවක්
    ටේලර් සහ විලියම්සන් අතට

    නව වසරකට පසුව සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව හමුවේ යළිත් නැගී සිටි නවසීලන්ත කණ්‌ඩායම දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ පළමු දිනට (25 දා) තරගය නවතා දමන විට කඩුලු 2 ට ලකුණු 223 ක්‌ ලබා සාර්ථක ප්‍රවේශයක්‌ ලබා ගැනීමට සමත්ව සිටියේය.

  

Kapruka Shopping |  News

 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.