අපට තරහකාරයෝ නෑ මේ අතුරුදන්වීම පුදුමයි

සැමියා කියයි

නෝමන් පලිහවඩන

"මගේ බිරිඳ අන්තිම වතාවට මට කතා කළේ පසුගිය සිකුරාදා සවස 6.55 ට විතර" යෑයි අතුරුදන් වූ වෛද්‍ය එරන්දි කුලතුංග මහත්මියගේ සැමියා වන පනාගොඩ හමුදා කඳවුරේ වෛද්‍ය ජනක රුවන් දයානන්ද මහතා "දිවයින" ට ඊයේ (25 දා) ප්‍රකාශ කළේය.

ඇය මුලින්ම කතා කළේ එදින සවස 5.30 ට විතර. එයා කිව්වා "ඔන්න දැන් මම ගෙදර එනවා" කියලා. ඊට පස්‌සේ 6.55 ට විතර කතා කරලා කිව්වා පාර ට්‍රැපික්‌ කියලා. ඊට පස්‌සේ එයාගේ දුරකථනය විසන්ධි කරලා තිබුණා.

අපිට කිසිම තරහකාරයෙක්‌ හිටියේ නැහැ. මේ අතුරුදන්වීම හරිම පුදුමයි."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.