සූරියවැව ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යටවෙයි



ඊයේ (25 දා) සහ පෙරේදා (24 දා) ඇදහැලුණු මහ වැස්‌සෙන් හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ රැසක්‌ ජලයෙන් යට විය. සූරියවැව, වෙහෙරපැලැස්‌ස, මහගල්වැව, කපුකිනිස්‌සයාය, රන්මුදුවැව ආදී ප්‍රදේශ රැසක පවුල් ගණනාවක්‌ ජල ගැලීම් හේතුවෙන් අවතැන් වී සිටිති. අවතැන් වූ පවුල් සංඛ්‍යාව 30 ක්‌ පමණ වන අතර පුද්ගලයන් 125 ක්‌ පමණ වෙති. ඉහළ ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මව්ආර ජලාශය පිරී ගොස්‌ මහගල්වැව ජල මට්‌ටම ඉහළ ගොස්‌ ඇති අතර මහගල්වැවේ එක්‌ ඉස්‌පිල්ලක්‌ කැඩීයැම හේතුවෙන් පහළින් ඇති ගම්මානවලට මෙම තත්ත්වය උද්ගතව ඇති බව වාරි ඉංජිනේරුවෝ පවසති.

අවතැන් වූ පුද්ගලයන් සඳහා සූරියවැව ප්‍රාදේශීය ලේකම් එන්. කේ. ආර්. පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති සුජිත් මුතුකුමාරණ මහතා සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකය හරහා පිසූ ආහාර ලබාදීමට කටයුතු යොදා තිබේ.

සූරියවැව - රොෂාන් ගුණසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.