වැසි සහිත කාලගුණය දෙසැම්බර් මුල තෙක්‌

චමින්ද සිල්වා

දිවයිනට බලපා තිබෙන වර්ෂාපතන තත්ත්වය දෙසැම්බර් මුල් සතිය දක්‌වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය මත පවතින වර්ෂාව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපාන බවත් විශේෂයෙන් සවස්‌ කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්ද්‍රd, රොද්‍රිගෝ මහතා ඊයේ (25 වැනිදා) පැවසීය.

ගාල්ල, මාතර වැනි දිස්‌ත්‍රික්‌වලටද අන්තර් මෝසම් තත්ත්වය මත සාමාන්‍ය වැසි ඇතිවී තිබේ. මේ වනවිට වර්ෂාපතනය වැඩිපුර ලැබෙන පළාත් ලෙස උතුරු, නැගෙනහිර, උතුරුමැද පළාත් හඳුනාගෙන ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.