රජය '13' ට එහා යන
වැඩපිළිවෙළක්‌ සකස්‌ කරනවා

- ඇමැති දේවානන්දා කියයි


මෙරට ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට රජය මගින් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එහා යන වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට කටයුතු කරගෙන යන බව සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්දා මහතා පැවසීය.

රජය එම අපේක්‍ෂිත වැඩ පිළිබඳව අකුල් හෙළීමට සමහර දේශපාලන පක්‍ෂ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ බොරු ප්‍රචාරයක්‌ ගෙන යන බව ද අමාත්‍යවරයා කීය.

චෙක්‌ ජනරජයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩේවිඩ් වොඩ්රාස්‌ක්‌, එහි උප සභාපති කැටරිනා කොනිනා මහත්මිය ඇතුළු එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 6 දෙනකුගෙන් සමන්විත පිරිසක්‌ අමාත්‍ය දේවානන්දා මහතා හමු වූ අවස්‌ථාවේ හෙතෙම මේ බව පළ කළේය. රටේ පවතින දේශපාලන තත්ත්වය උතුරු නැගෙනහිර ශීඝ්‍ර සංවර්ධනය ගැන ද දිවිනැඟුම තුළින් ගම් මට්‌ටමේ සිට කර්මාන්ත නංවාලීම ගැන ද මෙහිදී දැනුවත් කරනු ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.