සා.පෙළ විභාග ප්‍රවේශ පත්‍ර තැපැල් කරයි

නිලන්ත මදුරාවල

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25 වැනිදා) තැපැල් කරන ලදී.

ලබන මස 11 වැනිදා ආරම්භ වන මෙම විභාගය සඳහා අයෑදුම්කරුවෝ පන්ලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ දෙසිය හැටදෙනෙක්‌ (542260 ක්‌) පෙනී සිටින අතර ඉන් තුන්ලක්‍ෂ අසූහත් දහස්‌ පන්සිය අනූතුන් දෙනෙක්‌ (38,7593 ක්‌) පාසල් අයෑදුම්කරුවෝ වෙති.

පාසල්වලට ප්‍රවේශ පත්‍ර ලද වහාම අයෑදුම්කරුවන්ට බෙදාහරින ලෙස විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දීමක්‌ කරයි.

ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් යම් ගැටලුවක්‌ වේ නම් ලබන මස 03 වැනිදාට පෙර කොට්‌ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් මගින් ඒ බව විභාග දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද කොමසාරිස්‌ ජනරාල්වරයා දන්වා සිටී.

මීට අමතරව 0112784208, 0112784537 යන දුරකථන අංකවලින් ද 0112784422 යන µeක්‌ස්‌ අංකයෙන් ද 1911 යන ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ද අවශ්‍ය විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.